එදා කාලේ සහ අද කාලේ Music කලාව.

10:35:00 pm 0 Comments A+ a-

                                            ඔන්න මගේ දෙවැනි පොස්ටුව අද ඔයාලට දෙන්න තීරණය කළා.මේ පොස්ට් එකෙන් කියවෙන්නේ සංගීත ක්ෂේත්‍රය ගැනයි.සංගීත කලාවට අද මොකද වෙලා තියෙන්නේ?අපිට අද අහන්න දකින්න ලැබෙන්නේ අමුතුම සංගීතයක් කිව්වොත් මම හරි වෙන්න ඕන.මොකද කිව්වොත් සංගීතයේ ආරම්බයත් එක්ක බලනකොට වර්තමානයේ සංගීතය හරි වෙනස්.
                                                                                            අද මම කතා කරන්න හිතුවේ සංගීත කලාව ගැනයි.සරල සංගීතය ගත් කල එහි නිර්මාතෘවරයෙකු ලෙස ඉහත දිනයකදී මෙලොවෙන් සමුගත් පණ්ඩිත් අමරදේව ගාන්ධර්වරය සිහි කල හැකිය.






                                                                       සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි.
ඔහුගේ වියෝවත් සමගම ඔහු ගැයූ ගීත තවත් ප්‍රසිද්ධියට පත් උණා.මොකද ඒ?ඔහු ගැයූ ගීත අමරනීයත්වයෙන් පිරිලා තිබුන.ඒ බව මේ ගී එකතුවෙන් අසා රස විඳින්න.

                                                                    ඒ වගේද මන් අහන්නේ අද කාලයේ සංගීතය???කිසිම අමරනීයත්වයක්,ජීවමාන බවක් අත්විඳින්න බෑ.මම කියන්නේ නෑ හැම Music එකක්ම එහෙමයි කියල.Music වල රසවින්දනය කියල දෙයක් තියෙන්න ඕන.රසිකයාට ඒක දැනෙන්න ඕන.රසිකයාට තෘප්තියක් ලැබෙන්න නම් රසවිඳින්න පුළුවන් දෙයක් වෙන්න ඕන.
                                                                       මේ දවස් වල වැඩි පුරම අහන්න ලැබෙන අඬා වැලපෙන සින්දු ඇහිලම එපා වෙලා තියෙන්නේ මටනම්.කොල්ලෝ කෙල්ලෝ Boot කාපුවා මාතෘකා කරගෙන ගැයෙන ගීත ඇහෙන අතරේ "අම්මා" ගැන කියන ගීතයක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.ඒ පිළිබඳව අපි කණගාටු වෙන්න ඕන.මොකද කිව්වොත් අද සමාජය කාවවත් අගයන්න කැමැත්තක් දක්වන්නේ නෑ.තම තමන්ගේ මත වල රැඳී ඉන්න පිරිසක් තමයි අද ඉන්නෙ.
                                                                    තමන්ගේ මව පමණක් නොව,රණවිරුවන්,පුජ්‍ය පක්ෂය වැනි පුද්ගලයන් පවා සංගීතය මගින් ඇගයිය හැකියි.පණ්ඩිත් අමරදේව මහතා වැනි වටිනා ගායකයන් ඒ බව දැන සිටිය.අනාගතයේදීද එවැනි වටින ගායකයින්,ගීත රචකයන් බිහිවේවා කියලා මා ප්‍රර්ථනා කරනවා.

දිනය : 2016.11.06                                                                                        වේලාව : රාත්‍රී 10.30 යි.