Use of weed! (ගංජා භාවිතය )

5:04:00 am 1 Comments A+ a-

                                                     මගේ බ්ලොග් එකේ පොස්ට් පහක් අවසන් කර අද මම ඔයාලට මගේ හයවෙනි පොස්ට් එකෙන් අරගෙන ආවේ අද කාලේ හුගක් දෙනා කතා වෙන ගංජා මත්ද්‍රව්‍යය ගැනයි.නම අහනකොටත් මගේ මූනේ හිනාවක් ඇදෙන ගංජා ගැන මොනා හරි නොලිව්වොත් මගෙ හිතට හරි නැහැ. එහෙම කිව්වට හිතන්න එපා මම ගංජා කාරයෙක් කියල.නිතර භාවිතා නොකලත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මග හරින්නෙත් නැහැ. මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්. මට තියෙන අත්දැකීම් වල හැටියට ගංජා තරම් කෑම රුචිය වඩවන දෙයක් තවත් මේ ලෝකෙ නම් නැතුව ඇති. ගංජා බිව්වට පස්සෙ කන්න පුළුවන් බඩ පැලෙන්න. අපේ මිනිස්සු ඉතින් හැම දේම නරකටනෙ යොදගන්නෙ.නැත්නම් ලෝකෙ සමහර රටවල් තියෙනව නීත්‍යානුකූලව ගංජා බොන්න පුළුවන්. අනික ලෝකෙ තියෙන ඉස්තරම්ම වර්ගයෙ රෙදි වර්ගයක් නිපදවන්නත් ගංජා ගස් භවිතා කරනව. ගංජා බීල පැණිරස කන්න කියන්නෙ එතකොට ආතල් එක වැඩි වෙන නිසා.

 
                               
                               ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් ප්‍රසිද්ධ එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් මේ ගැන කතා කොලේ, මාගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.

                                  උන්නැහේ කියන්නේ, අපේ සිරිසේන ලොක්කයි. රනිල් ලොක්කයි, බලයට පත් උන දවසේ හිටං ළෝකේ වටේ ගියාට, යන්නේ හිඟා කන්නෙයි කියාය. ඔය මහා පොරවල් හම්බ උන වෙලාවට, හලෝ හව් ආ යූ මසං කියලා කරන්නේ, කීයක් වත් දෙන්න බැයිද මසං කියලා අහනා එකය. ඒ වෙනුවට, ඔහොම යන වෙලාවට, වරකා මදුලක් අරගෙන ගිහිල්ලා, ඇන්ජෙලා මර්කල් නෝනාගේ කටේ ඔබා, දිස් ඉස් පැණි වරකා..., දෙන්නම් මගේ මැනිකා..., ජර් මනියට පැණි වරකා... කියා, පොඩි මාකටින් පාරක් දා, වරකා මාකට් එකක් හදාගන්න ට්‍රයි කොරන්නේ නැත්තේ ඇයි කියලාය.
                                                       ලාල් කාන්ත ලොක්කා කියන්නේ සහතික ඇත්තය. අපේ හරක් මේ දිව්‍ය අවුසදේ අහු උන ගමන් ගිනි තියලා විනාශ කොරලා දානවාය. මුන් මේ හෙල ඔසුවේ වටිනාකම දන්නේ නැති ගොන් හරක්ය.

                                              අපේ රටට සුද්දා ආවයින් පස්සේ, බොහෝ හොඳ දේ වගේම වර්චස් දේත් පුරුදු කරලා ගියේය. සිකැරට්, අරක්කු, තේ, හා කිරිපිටි කියන්නේ ඔය වාගේ දහ ජරාවය. සුද්දා එන්න කලින් අපේ උන් ඕවා වෙනුවට කෑවේ බිව්වේ, ගංජා, කිතුල් රා, රණවරා, බෙලිමල්, කොළ කැඳ හා මව් කිරිය. වැස්සිගේ පැටියාගේ කිරි ටික උදුරා ගත්තේ නැතිය. ඌ මරාගෙන කෑවෙත් නැතිය. මසක් කන්න ඕනෑ වූ විට, බැද්දට වැදිලා සතෙක් බාගෙන ඇවිත් ගමටම බෙදුවේය. එහෙම නැත්නම් වැද්දන්ගෙන් සප්ලයි එක කොර ගත්තේය. (හරක් මස් කඩ වහන්න දඟලන හරකුන් හා උන්ට බය පාලක හරකුන් සිටිනා තාක් ලංකාවේ කිරි කර්මාන්තය නංවනවා බොරුය.)
               අපේ කාළේ හැම ගෙදරම වවලා තිබුනේ මල් නැති ගස්වත්, ක්‍රෝටන්වත්, බිගෝනියාවත් බෝගන්විලාවත් නෙමේය. තිබුන තරමක් තිබුනේ බෙහෙත් පැලෑටිය. ඉස්සර කැළණියේ අපේ ගෙදරටත්, ඇත්තෝර, කළු උක්ගස්, කෝමාරිකා වාගේ බෙහෙත් පැලෑටිත්. කැඳ හදනා හාතාවාරිය, පොල්පලා හොයාගෙන ආපු මිනිස්සුන්ට එවා දෙන්න පුළුවන් උනේ, ආච්චි අම්මාට පින් සිද්ද වෙන්නය.
                         ඒත් ආච්චි නැති උනායින් පස්සේ, අම්මා කොලේ, බාබන්ඩේසියා, බෝගන්විලා හා ඕකිඩ් ජාති වවනා එකය.මෙයිටත් කලින් කාළේ, සෑම ගෙයක් ඉදිරිපිටම වාගේ ගංජා පැලයක් වවා තිබුන බව කියන්නේ, අපි නොව, රොබර්ට් නොක්ස් හා ලෙනාඩ් වුල්ෆ් කියනා සුදු මහත්තුරුය. ඒ කියන්නේ නීල් ආම්ස්ට්‍රොන්ග් මහත්තයා හඳට යන්න කලින් අපේ උන් හඳට ගිහින් තියෙනවා කියාය. ඒ අපි ආඩම්බරකාර හෙළයෝ නිසාය.
                       
                                               සුද්දා අපේ උන්ට සිකැරට් හා අරක්කු දුන්නේ නොමිලේ ය. නිකං දෙනවා නම් දෙමළ පත්තරේ විතරක් නොව ඕන ගූ බෙට්ටක් ඉඹලා පිලිගන්නා අපේ කස්ටිය, ගංජා වලටයි රා වලටයි ගුඩ් බායි කියා, සුද්දා වගේ, ඒවා ගැහුවේ, සුදු වෙයි කියලා හිතාගෙන වෙන්න ඇති ය. අදටත් අපේ උන්, සුදු වෙන්න කියා, රටේ ලෝකේ තියෙන ක්‍රීම් ජාති මූනෙයි පුකෙයි උලාගෙන සුදු කබර හැදිච්ච උන් වගේ ඉන්නේ ඒ නිසා වෙන්න ඕනා ය. 

                                                 සුද්දා ඕවා නිකං දෙන එක ටික දවසකින් නැවත්තුවාම, අපේ උන් ඕවා බොන්න කරන්න තියෙන දහ ජරා වැඩ ඔක්කෝම කරන්න පුරුදු උනේ ය. හොරකම් මැරකම් ඔක්කෝම පටන් ගත්තේ මේ මළඳාන නිසාය. නිදහසින් පස්සේ, හරක් මස් කන්න එපා කියා රට වටේම ගිය හරක්, මේවා නවත්තන්න හීනෙන්වත් හිතුවේ නැත්තේ, උනුත් නොම්මර එකේ රේන්ද කාරයෝ (අරක්කු කොම්පැනි අයිති කාරයෝ) වූ නිසාම ය.
                                                                  අනෙක අපේ පැරණි පොත් පත් වල තියෙනාකාරයට ගංජා අපිට ඇවිල්ලා තියෙන්නේ දිවිය ළෝකයේ සිටය. දෙයියන්ගේ නායකයා වන "හොනරබල් ඉන්දරේ", එයාගේ ප්‍රියතම පානය වන අමුර්තේ, අසුරයන්ට අහු වෙයි කියලා හිටං, කිරි සයුරට හැලුවේලු. ටික දොහකට පස්සේ, මහමෙර අතට අරගෙන කිරි සයුර කළඹන අස්සේ, ඔයින් බින්දු කීපයක් කොහේ හරි තිබුන ලීක් එකකින් මහ පොළොවට වැටිලා තියෙනවාලු. ගංජා හටගෙන තියෙන්නේ එයින්ලු. ඒ හන්දා ඒ පොත් පත් කියන්නේ, ගංජා, අමූර්තේ සමාන දිව්‍ය ඖෂධයක්ය කියනා එකය. මේ ගැන අපේ වෙදාල අපට වඩා දන්නවා ඇතිය. 
                                               මෙවන් වටිනාකමක් නොතේරි අපේ උන් සුද්දාගේ දහ ජරාවම ගැහැව්වට, ජැමෙයිකාවේ උක් වවන අම්මා කෙනෙකුගේ බඩේ උපන්, තාත්තත් නැති දුප්පත් කොල්ලෙක්, මේවා නිසා විනාශ වෙන ජීවිතත්, උපයන සියළු දේ මේවාට වියදම් කොරනා හැටිත් දැක, නැවතත් ගංජා උරන ලාබ දායි වැඩේ උක් ගොවියන්ට හුරු කලේය. සුද්දාට මේ ගේම දිරෙව්වේ නැතිය. උන් බැලුවේ මූ කොහොම හරි මරලා දාන්න ය.
                                                             ඇමරිකාවේ ගෙදර, තම මිතුරන් හා සිටිනා විටදි, සී අයි ඒ එකෙන් වෙඩි තියලා මරන්න හැදුවත්, ඌ බේරුනේය. ඌ සටන ජය ගත්තේය. ඒ වෙනින් කවුරුවත් නොව බොබ් මාලේය. අපේ උන් බොබ් මාලේ පුකේ ගහගෙන ගියාට ඕවා දන්නේ නැතිය. බොබ් මාලේ මලේ ගංජා ගහලා නෙමේය. පිලිකාවක් නිසාය. ළෝ ප්‍රකට නිර්මාණ රාශියක් බිහි වෙන්නේ, මේ ත්‍රයිලෝක විජය පත්‍ර වලට පින් අත් වෙන්නය. කපුගේගේ වොයිස් එකේ තිබුනේත් මේවාමය.
                                 අපට අද වන තෙක් බොබ් මාලේ කෙනෙක් නැතිය. ඒ නිසා, සිකැරට් හා අරක්කු නිසා, ජීවිත නැති කර ගන්නා උන් බොහෝය. (ඕවා උනත් මළ පෙරේතයෝ වගේ ගහන්නේ නැත්නම් අවුලක් නැත්තේය. ඒත් මඟුල් ගෙදරක ගියත් ඉස්මුරුත්තාවට කෙලලා අරින සවුදම් ජෙමාලාත් එක්ක ෂෝසල් විදියට වැඩේ කොරන්න දන්නේ කීප දෙනාය.) රටේ අගමැතිත් කුඩු කන්ටේනර් පිටින් ගෙනත් ප්‍රකෝටිපතියෝ වෙනවාය. අහිංසක කොල්ලෝ හිර ගෙවල් වලය. එහෙම නැත්නම් මැරිලා යනවාය. ඒ උන්ගේ පවුල් පිටින් විනාශය. එහෙත් ගංජා බීලා මැරිච්ච එකෙක් අද වන තෙක් හොයා ගන්නට නැතිය. ගංජා ඒ තරම් ගානකුත් නෙමේය. අද ඇමරිකාවේ මෙන්ම ළෝකයේ මේ පිළිබඳ පර්යේෂන පවත්වන වෛද්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ගංජා දිව්‍යමය ඖෂධයක් බවය. එමෙන්ම සිකරැට් හා සසැදීමේදී එය ශරිරයට කිසිම ආකරයකින් හානියක් නොකරනා බවය. (ඒ කිව්වට බත් උනත් ඕනාවට වඩා ඕනෑම නැත.)
 
                                                    වී වගාවට තරම් වතුර ඕනා වෙනත් භෝගයක් නැතිය. දැන් අපේ ජල සම්පතද හිඳි යමින් පවති. ඇත්තටම මේ ගැන වෙනම ලියන්න ඕනාය. ඉදිරියේදි මේ පුරස්නය තවත් උග්‍ර වෙනවාමය. දැනටමත් කුඹුරු වලට වතුර දෙන එක වර්චස් වෙලා, වතුර හුවමාරුව සඳහා හෙළ බසෙහි භාවිත වන වදනද එහෙ මෙහෙ හුවමාරු වෙනවාය. ඒත් ගංජා වවන්න වතුර ඕනා නැතිය. කන්නේ එනකන් ඉන්න ඕන නැතිය. වගා ණය, සහනාධාර, වැලේ වැල් නැතිවීම, වෙලේ වල් නැති කිරීම්, ගසක වැලකින් එල්ලීම්, කෘෂි රසායන උගුරෙන් පහලට හලාගෙන නිවන් යෑම්, මක්කත් ඕනා නැතිය. ත්‍රයිලෝක පත්‍ර ඇට ටිකක් ඉහලා බලාගෙන උන්නාම අහකය.


                                                                     

                                                දුඹුරු පැල කීඩෑවන්ගෙන්, ගිරවුන්ගෙන්, වී කුරුල්ලන්ගෙන්, වල් ඌරන්ගෙන්, මොනරුන්ගෙන්, කචල් එකකුත් නැත්තේය. අලි ගම් වදින්නේත් නැතිය. බජිරි, ගොජිරි, බට දැල්ල, වෙල් මාරුක් වලින් කරදරේකුත් නැතිය. වගාවට ගිහින් කොලයක් කඩාගෙන ආතල් එකකුත් ගන්න පුළුවන්ය. වි පඳුරු වලට වඩා මේ පඳුරු උස නිසා, පඳුරු අස්සෙ සෙල්ලම් කරන්න උනත් පුළුවන්ය. මේ රටට ගැලපෙනම වගාව මෙයය. ඉතිහාසේ රජවරු වැව්වා කියා, පුක ඉරා ගන්නත් ඕනා නැතිය. (තාමත් වවන්නේත් ඒ ක්‍රමයටමය) දැන් ලාබයක් ලැබෙනා දෙයට යොමු වෙන්න ඕනා කාළේ ඇවිල්ලාය.  ගංජා මෙන්ම, වල්ල පට්ටාද වවන්න මිනිසුන්ට ඉඩ දිය යුතුය. හාල් අඩු මිලට රටින් ගෙනත් කන්න පුළුවන්ය.
                                         අපේ රටේ උන්ට මේකෙන් බෙහෙතක් හදා ළෝකයට දෙන්න බැරි උනාට, සුද්දන්ගේ ව්‍යාඝ්‍රා ගසා ජොගින් ට්‍රැක් ගලවන්න නම් පුළුවන්ය. ඔය මදන මෝදකය ටැබ්ලට් එකක් කරලා ළෝකයට දෙන්න අපේ උන්ට තාමත් බැරිය. මෙහේට එන සුද්දන්ට ඕවා හොඳට ප්‍රමෝට් කරන්න පුළුවන්ය. වෙනත් රටවල මේවායින් කොක්ටේල් හදලා දෙනවාය. ටොපි තියෙනවාය. බිස්කට් තියෙනවාය. ව්‍යාඝ්‍රා වෙනුවට කංසා පෙත්තක් හදා හොඳ නමක් දා මාකට් එකට දැම්මා නම් සිලෝන් ටී වාගෙම නැගලා යනවා කියා අපේ මහ උන්ට කවදාවත් තේ රෙන්නේ නැතිය. සමහර විට තේ කොල කෑමට පටන් ගත් දිනයක තේ රෙන්න පුළුවන්ය. මේහේ එක රොකට් එකක් අහු උනත්, පොලීසියේ ලගින්න වෙනවාය. මේවා පිටරටින් ගේන්න ඕනා නැතිය. ඇඟළුම් කර්මාන්තයටත් අවශ්‍ය කරන සියළු දේ ගෙන්නේ පිටරටින්ය. මේක එහෙම නෙමේය. සිරිලක දේ සිරිසැපදේය. වියදම අඩුය. මහන්සිය අඩුය. රසායනික පෝර තියා කාබනික පෝරවත් ඕනා නැතිය. 
 
                                     අපේ උන්ට මේකෙන් සිකැරට් එකක් හදා ගන්නවත් බැරිය. අඩුගානේ සිකැරට් වෙනුවට මේවා හදපිය කියා ටුබෑකෝ කොම්පැණියටවත් කියන්න එකෙක් නැතිය.
 
Canabis Absinthe ගංජා Drink 

                                 හෙළ වෙදකම හා ඉතිහාසයට නෑකම් කියනා නිසා, හාන්දුරුවරු සිවුරු කරට ගෙන පුක එලියේ දාගෙන සංග බජව් දානා එකකුත් නැතිය. එහෙම ආවොත් කොරන්න තියෙන්නේ, අට පිරිකර "නම පිරිකර" කරනා එකය. පාත්තරේට රොකට් එකකුත් දාලා දන් දුන්නාම, වැඩේ අහවරය. ප්‍රේමදාස මහත්තයා කන්ඩලම හැදුවේත්, දන් දෙනවාට අමතරව පංච කල්යානියන් දන් දීමෙන්ය. නැතිනම් ඒවා හදනවා බොරුය. බුදු හාන්දුරුවෝ දේසනා කොරලා තියෙන්නේත්, ඇස් හිස් "මස්" ලේ දන් දෙන වැඩ, පෙරුම් පුරනා බෝධිසත්වයන්ටම කරන්න පුළුවන් දේ විනා, පව් කාරයන්ට හිතෙන්නේ වත් නැති දේවල් කියලාය.
              ඔය ගංජා, ගහෙත් පිරිමි ශාකයක් හා ගෑණු ශාකයක් තියෙනවා.මල් එන්නේ ගැණු ගහේය. කොලේ සැර පිරිමි ගහේය. මල් පිපුනත් නැතත්, අපේ උන් නම් දෙකටම කියන්නේ, මල් කියාය.
 
                                               මෙහේ නිශ්පාදන හදන්න බැරිනම්, අඩුගානේ ඊශ්‍රායලය හා එක්ව සැපයුම්කරුවකු වීමටවත් උත්සාහයක් ගන්නේ නම්, අපේ වී ගොවියා නගා සිටුවිය හැකි බව, ලාල් කාන්තලාවත් ආන්ඩුවට වටහා දෙන්නේ නම්, එය ජාතික යුතුකමෙක් මය. ඊශ්‍රාලයෙන් මෙහි පැමිණි මාගේ මිතුරු මිතුරියන් සැවොම කිව්වේ, මේ රට සුරපුරයක් කරන්න, රට වටේම තියෙන මහ මුහුදම ප්‍රමාණවත් කියලාය. එහෙත් අපේ උන් ඒකෙන්වත් නියම ඵල ප්‍රයෝජන ගන්න හිතලාවත් නැතිය.

අරක්කු සිකැරට් වෙනුවට ගංජා බොමු. ගංජා තහනම ඉවත් කරනු...!!!!
ඒ මොකද කිව්වොත්,එක මේ පින්තුරයෙන් වැටහේවි.
              

මාගේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි 
මෙයට සහය දුන් මුල් කතෘ හට.Thank you Boss!!!

දිනය : 2016.11.12                                           වේලාව :පාන්දර 5.00යි

1 comments:

Write comments