බ්ලොග් ආරම්භය

2:30:00 am 0 Comments A+ a-

                                      වර්තමානයේ අන්තර්ජාලය තුල බොහෝ විට දකින්නට ලැබෙන දෙයක් ලෙස බ්ලොග් අඩවි හැදින්විය හැක.බ්ලොග් වල වැඩිපුරම තියෙන්නේ Softwares,ෆිල්ම්ස්,android apps,වැදගත් ලිපි,සමාජ සිදුවීම් අර්ථකථනය කිරීම් සහ එකී නොකී හැමදෙයක්ම බ්ලොග් අඩවි වල තියෙනවා.ඒ හැමදෙයක්ම අපේ දැනුම වැඩිකරගන්න උදව් දෙනවා.අපිට තියෙන්නේ ඒවා කියවන්න විතරයි.

                                         කතා ඇති මම අද ඉදල ගේමකට බහින්න ලෑස්තිය මේ.මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියල.මගේ බලාපොරොත්තුව වෙනස්ම දෙයක් ඔයාලට දෙන්න.ඒ කියන්නේ ඔයාලගේ දැනුම වැඩි වෙන්න මාත් පොඩි සප් එකක් දෙනවා.මන් හිතනවා ඔයාලගේ සහයෝගය මටත් ලැබෙයි කියල.

                                          මගේ බ්ලොග් එක ඇවිල්ල Free Gangster.ඒ කියන්නේ නිදහස් මැරය කියන එකනේ.එත් මම මැරයෙක්නම් නෙමෙයි ඈ.නමුත් අභියෝග බාරගන්න කැමතියි.අන්න එකයි මම ඔයාල වෙනුවෙන් ඇවිත් ඉන්නෙ.

                                          මම මේ බ්ලොග් එකේදී ගොඩක් දේවල් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා.කෙලින්ම කිව්වොත් තනිකර කලවම් මැල්ලුම් වගේ වෙයි.කලවම් මැල්ලුම ඇවිල්ල විවිධාකාර කොළ වර්ග අඩංගු රස කැමක්නේ.මගේ පොස්ටු දැමිල්ලත් ඒ වගේ වෙයි.හැම වර්ගයේම ලිපි පලකරන්න අදහසක් තියෙනවා.

                              බ්ලොග් එක කොහොමද බලන්න දිගටම මාත් එක්ක එකතු වෙන්න.
                                                         
                                                               තැන්ක්ස් ඕල්!!!

දිනය : 2016.11.06                                                                                             වෙලාව : පාන්දර 2.30යි.