ජිම් යන ඔයගොල්ලොන්ට වැදගත් උපදෙස් 6ක්

8:48:00 pm 0 Comments A+ a-



                                             අද මන් බ්ලොග් එක පැත්තට ආවේ පොස්ට් එකක් නොදා ඉන්න බැරි කමටමයි.අපේ පැත්තට මේ වෙලාවේ හොඳටම ගොරව ගොරව වහිනවා.මේ මගේ හත්වෙනි පොස්ට් එක.මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ ජිම් යන කොල්ලෝ කෙල්ලන්ට.මේකේ මාතෘකාව දැක්කම ඔයාලට තේරෙන්න ඇති ඒ මොකද කියල.තරුණ මනසට එදිනෙදා ජීවිතයේදී විවිධාකාර අදහස් ගලාගෙන එනවා.ඒ අතරින් එකක් තමයි "මාත් ජිම් එකකට ගියානම් හරි කියන එක".බොරු කියන්න ඕන නෑ ඔය අදහස මටත් ආවනේ.එකයි මන් අද ඔයාලට වැදගත් උපදෙස් 6ක් දෙන්න හිතුවේ.එහෙනම් වැල් බයිලා ගැහුවා ඇති.ඔන්න එහෙනම් උපදෙස් ටික.

6-Things-You’re-Doing-Wrong-After-The-Gym-That-Are-Wrecking-Your-Body!


ගොඩක් දෙනෙක් ජිම් එක පැත්තේ යන්නේ හොඳ නිරෝගී ශක්තිමත් හැඩකාර ආකර්ශනීය ශරීරයක් ලබාගැනීමේ අදහසින්. ඒ වුනත් ජිම් යන එකෙන් විතරක් ම අපේ ශරීරය නිරෝගිව තියාගන්න අමාරුයි. ව්‍යායාම් වල නිරතවීම මගින් ශරීරයට යම් කිසි දායකත්වයක් ලැබුනත් ශරීරයේ පිරිසිදුකම සහ අපේ චර්යාවන් ද ශරීරයේ යහපත් ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරනවා. ඒ වගේම නිසි පෝෂණයත් නියමිත මාත්‍රාවට ආහාර ගැනීමත් මේ අතර වැදගත් කොට සලකන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ජිම් යන ඔයගොල්ලෝ ජිම් ගිහින් ව්‍යායාම් වල නිරතවීමෙන් අනතුරුව හා ජිම් එකට යාම පුරුද්දක් කරගෙන සිටිනවානම් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන.

Cooldown ව්‍යායාම කිරීම.


ව්‍යායාම් කිරීම ආරම්භ කිරීමට පෙර ශරීරය ටිකක් මහන්සි කර stretching ව්‍යායාම වල යෙදීම ගොඩක් දෙනෙක් කරන දෙයක්. නමුත් ව්‍යායාම අවසානයේ ශරීරය සිසිල් වීමට එහෙම නැතිනම් යථාතත්වයට පත් කරන පහසු ව්‍යායාම සඳහා තවත් විනාඩි කිහිපයක් වැය කිරීමට ඔබ අමතක නොකළ යුතුයි. එසේ නොකිරීම මගින් ශරීරයට අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ ඇති අතර ඔබ නවකයකු නම් ඇඟේ පතේ අමාරුවද වැඩි වීමට පුළුවන්.

ඇඳුම් ගැන සැලකිලිමත් වීම.


ව්‍යායාම් කිරීමේදී අධික ලෙස දහඩිය පිටවීම සාමාන්‍ය දෙයක්. නමුත් ව්‍යායාම් කිරීමෙන් අනතුරුව ඔබ මේ ඇඳුම් හැකි ඉක්මනින් ඉවත් කර පිරිසිදු වීම වැදගත්. එසේ නොකිරීම මගින් ඔබේ ශරීරයේ දහඩිය පිටවන සිදුරු අවහිර වීමෙන් ආසාත්මිකතා වගේම බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවධානමකුත් පවතිනවා. ඒ වගේම ඔබ මේ ඇඳුම් හොඳින් සෝදා ඊළඟ වතාවේ භාවිතා කිරීමටත් මතක තියාගන්න ඕනේ. මොකද මේ ඇඳුම් වල බැක්ටීරියා වර්ධනය ඉතා ඉහල නිසා වෙනත් රෝගී තත්ත්ව ඇති වීමේ ඉඩක් තියන නිසා. ඒ වගේම ඒවායෙන් දහඩිය දුගඳක් නැගෙන නිසා.

නිසි මාත්‍රාවට ප්‍රෝටීන ලබා ගැනීම.


ඔබ කායවර්ධන ව්‍යායාම් වල නිරත වන පුද්ගලයකු නම් සාමාන්‍යයෙන් හොඳ ප්‍රෝටීන් සැපයුමක් අවශ්‍ය වන බව ඇත්ත. නමුත් අනවශ්‍ය ලෙස ප්‍රෝටීන ලබාගැනීම තුලින් ශරීරය තුල අනවශ්‍ය ලෙස අතිරේක කැලරි එක් රස වීමක් සිදුවිය හැක. මේවා මේදය සහ පිෂ්ටය ලෙස තැන්පත් වේ. එම නිසා නිසි මාත්‍රාව දැන පෝෂණ අතිරේක ලබාගත යුතුය.

හොඳින් ජලය පානය කිරීම.


හොඳින් ව්‍යායාම් වල නිරත වන විට ශරීරයෙන් දහදිය පිටවන බව අපි දන්නවා. මේ දහඩිය ප්‍රමාණය පිටවීම නිසා ශරීරයේ ඇති තරලය අඩු වනවා. මේ අඩුව පිරවීමට නම් අපි හොඳින් ජලය පානය කලයුතු වෙනවා. ඒ වගේම ශරීරයට ප්‍රාණවත් බවක් ලබාගැනීමටත් මේ ජලය පානය කිරීම උදව් වෙනවා. සමහරු කම්මැලි කමට ව්‍යායාම කරන්න යද්දී වතුර බෝතලයක් අරන් යන්නේ නෑ. නමුත් ජලය පානය කරමින් ව්‍යායාම් වල යෙදීමෙන් ඔබට වඩා හොඳ ප්‍රථිපල ලබාගන්න පුළුවන් බව මතක තියාගන්න.

නිසි ලෙස විවේක ගැනීම.


ඉතා තදින් කායවර්ධන ව්‍යායාම් වල යෙදී සිටින පුද්ගලයන් බොහෝ විට විවේක නොගෙනම වැඩි කාලයක් එක දිගටම ව්‍යායාම් වල නිරත වීමට කටයුතු කරයි. නමුත් මේ පිළිබඳව වෛද්‍ය මතය වන්නේ මේ ව්‍යායාම් අතර නිසි ලෙස විවේක ගැනීම ද වැදගත් බවයි. එසේ නොකිරීමෙන් ශරීරය අනවශ්‍ය ලෙස විඩාවට පත් වන අතරම මස්පිඩු වලට ද හානි සිදුවීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම මානසික ආතති තත්ත්ව ඇති වීමටත් බලපාන බවට විශේෂඥයන් පවසනවා. ඒ හින්දා ඊළඟ පාර ජිම් එකට යද්දී ව්‍යායාම් අතර විවේකයක් ලබාගැනීමටත් අමතක කරන්න එපා.

වැඩියෙන් විවේක ගැනීම නොකළ යුතුයි.

 


විවේක ගැනීම ගැන කතා කරනකොට දිනක් දෙකක් විවේක ගැනීම අවශ්‍ය වුවත් අනවශ්‍ය ලෙස විවේක ගැනීමට යාම මගින් ඔබගේ ව්‍යායාම් ක්‍රියාවලිය අඩපන වීමට පුළුවන්. විවේක ගැනීම යනු සැබවින්ම ඇඳකට වී හාන්සි වී සිටීම පමණක් ම නොවේ. ශරීරයේ කොටස් බෙදාගෙන එක් එක් කොටසට වෙන වෙනම දින වලදී ව්‍යායාම් කිරීම මේ සඳහා තවත් එක් විසඳුමක්. එවිට ශරීරයේ සෑම ප්‍රදේශයකටම අවශ්‍ය පරිදි විවේකය නියමිත ප්‍රමාණයට ලැබෙනු ඇත.


දිනය : 2016.11.13                                              වේලාව : රාත්‍රී 9.00යි