සුපිරි හඳ මාමා

11:32:00 pm 0 Comments A+ a-

 
                                             වසර 58කට පසුව එනම් 1948 වර්ෂයෙන් අනතුරුව පෘථිවියට වඩාත්ම සමීපයෙන් චන්දරයා දර්ශනය වූ ඊයේ (14) දිනයේ ලෝකය පුරා ඒ පිළිබඳව දැඩි අවධානයක් පැවතිණි.
අද මගේ  අට වෙනි ලිපියෙන් ඔයාලට ඒ ගැන කියන්නයි ලෑස්තිය.
                                         වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා  14%  ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකිය. මින් පෙර  මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදීය. නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. 

                                                              ලොව පුරා ගගන ගවේෂකයින් හා ඒ සම්බන්ධයෙන් ඇළුම් කරන්නන් ඒකරාශී වී ගොඩබිම් ප්‍රදේශවල මුහුදු වෙරළවල ඉහළ මහල්වල සිට චන්ද්‍රයා නැරඹූ හැටි දැක ගැනීමට ලැබේ.
                                   ඊයේ දිනයේ සවස ආසියාවට චන්ද්‍රයා වඩාත්ම දීප්තිමත්ව දැක ගැනීමට ඉඩ ලැබුණු අතර සැතපුම් 221,524ක් එනම්, කිලෝ මීටර් 356,509ක් සමීපයෙන් රාත්‍රියේ දැකගැනීමට හැකි වූ බව සඳහන් වේ.වෘත්තාකාරයෙන් නොව ඉලිප්සාකාරයෙන් දර්ශනය වුණ චන්ද්‍රයා අනෙක් වාරවල නොවූ පරිදි දර්ශනය වී ඇත.

                                                     
                                     මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.
                                  පෘථිවිය වටා සඳ යන ගමන් මාර්ගය හැමදාම එකම මාර්ගයක් නෙවෙයි. එය තරමක් වෙනස් වෙනවා. ඉලිප්සීය මාර්ගයක සූර්යයා වටා යන පෘථිවියේ ගමනත් පෘථිවිය වටා ඉලිප්සීය මාර්ගයක සිදුවෙන සඳේ ගමනත් ඒකට බලපානවා. ඉලිප්සීය ම‍ඟ ගමනේදී පෘථිවියට ආසන්නවම සඳ ගමන් කරන විට අපට සඳ මඳක් විශාලව ආලෝකය වැඩියෙන් දිස්වෙන්න පුළුවන්. නමුත් එසේ විශාලත්වය වැඩියෙන් දිස්වීම සඳහා තවත් යමක් සිදුවිය යුතුයි. ඒ තමයි ඒ දිනය පුරහඳ ඇති දිනයක් වීම. අඩ සඳක අපට මේ සංසිද්ධිය බලාගන්න බැහැ. ඉතින් මේ කියන කරුණු කාරණා දෙකම එකවර ඇති වෙන්නේ කලාතුරකින් කියල කියන්න පුළුවන්.සුපිරි සඳ කියන අවස්ථාවක් විදිහට සලකන්න නම් හඳ කිලෝමීටර 361,524ක ප්‍රමාණයට ලඟින් යන්න ඕන.

                                   
                                                             හඳ මෙහෙම ලඟට එන්නේ කලාතුරකින්ද? ඒකට උත්තරේ නැහැ කියන එක. එක් අවුරුද්දකට පස් වතාවක් හය වතාවක් විතර හඳ ලඟින යනවා. නමුත් මේ තරම් විශාලත්වයක් ලැබෙන්නේ කලාතුරකින්. Super Moon කියන්නේ මෙන්න මේ පස් හය වතාවක් වෙන සිද්ධියට. මේ නම ජොතිශ්‍යයේ එන සංසිද්ධියක්. නමුත් Perigee කියන එක වෙන්නේ බොහොම කලාතුරකින් අවුරුදු ගානකට එකයි.
 
 
                               ගොඩක් අය නොවැම්බර් 14 හඳ බලල කියන කතාවක් තමයි කිසි වෙනසක් නැහැ කියන එක. නිතර සඳ බලන කෙනෙකුට හැරෙන්න එහෙම වෙනසක් දකින්න අමාරුයි.
 
                                            
                                              මේ සිදුවෙන සංසිද්ධිය අපිට භෞතික වශයෙන් බලපාන්න පුළුවන්. ඒ එකක් තමයි වඩදිය බාදිය ඇතිවීමේ සිදුවන වෙනස. සඳ ලංවෙන නිසා එහි ඇති ගුරුත්වයේ බලපෑම වැඩි වෙනවා. ඒකෙන් වඩදිය මට්ටම් ඉහල යනවා. මේ හේතුව නිසාම විශාල ප්‍රමාණයේ මුහුදු රල ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුනාමි තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. නමුත් එහි වැඩිම බලපෑම ඇති වන්නේ ‍සුපිරි සඳ ඇතිවීමේදී එය අහස මුදුනේ දිස්වන පිරිසටයි. මීට අමතරව අපේ ශරීරයෙන් වැඩි කොටසක් තියෙන්නේ ජලය නිසාවෙන් අපටත් පොඩි පොඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය, සිහින පෙනීම, කේන්තියාම වැඩිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ලටත් හේතුව හඳ නිසා ඇතිවන ගුරුත්ව වෙනසයි. ‍මෙය මිනාසාට පමණක් නොවෙයි සතුන්ටත් එලෙසින්ම සිදුවෙන්න පුළුවන්. කොහොම වුනත් සුපිරි සඳ ඇතිවීමේ සංසිද්ධිය නිසා බොහෝමයක් ජීවයේ වෙනස්කම් සිදුවෙනවා.
 
                                
මේ පහතින් දැක්වෙන්නේ විවිධ රටවල හඳ පෙනුණු ආකාරයයි.
 




ඒ වගේම ඊයෙ (14) මේ හඳ පායපු වෙලාවේ ලංකාවේ ගොඩක් පැති වලට අධික වර්ෂාවක් ඇද හැලුණා.එම නිසා ගොඩ දෙනෙක්ට මේ හඳ දැකගන්න බැරි උණා.අහසේ දකින්නට ලැබුනේ වැහි වලාකුළු පමණි.
                               අන්තර්ජාලය තුල විවිධාකාරයේ පළකිරීම් හා පින්තුර තුලින් සුපිරි හඳ ගැන අදහස් උදහස් දක්වල තිබුන.මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්...
 
 
 



























දිනය : 2016.11.15                                                    වේලාව : 11.30 යි.