සිගරට් ගණන් යාම නිසා වෙන්න පුලුවන් සිදුවීම් 8ක්

1:56:00 am 0 Comments A+ a-

                                                                     මගේ හතර වෙනි පොස්ටුවෙන් මන් කතාකරන්න යන්නේ මත් ද්‍රව්‍යයක් ගැන.ඒ තමයි දිනෙන් දින මිල ඉහල යන සිගරට්.අද කාලේ දුම් පානය නොකරන කෙනෙක් හොයාගන්නට බැරි තරම්.සිගරට් වලට මිනිසුන්ගේ ඇබ්බැහි වීම ඒ තරම් වැඩි මට්ටමක පවතිනවා.සිගරට් වල මිල ගණන් වැඩි වීම හේතුවෙන් දුම් පානය කරන්නන් විවිධ මාර්ග වල ගමන් කිරීමට පෙළඹිලා තියෙනවා.ඇත්තටම සිගරට් ගණං වැඩිවුනොත් මිනිස්සු මොනව කරයිද කියලා හිතද්දි මේ දේවල් ඇත්තටම වෙන්න පුළුවන්. ආණ්ඩුවක් පෙරලෙන්නත් ඉඩ තියෙනවා වුනත් මැති ඇමැත්තොන්ට හාට් ඇටෑක් හදවන්නෙ නැතුව අපි මේ කියන්නෙ මිනිස්සු කරන වෙනස් වැඩ ටිකක්.

1. බීඩි සහ කංසා
                      
                                     
                                 දේශීය බීඩි කර්මාන්තය සුපිරියටම දියුණු වෙයි. ඉස්සර ගමක බීඩි ඔතනවා කියලා රහසෙන් වගේ කියපු මිනිස්සු අපිත් බීඩි තමයි ඩෝ ඔතන්නෙ කියලා ගාමිනී ෆොන්සේකා ටයිප් එකට කියන්න ඉඩ තියෙනවා. ඔය වැඩෙන් තවත් සමහරු කියාවි දේශීය කංසා ව්‍යාපාරය දියුණු වේවි කියලා. අපි හිතන්නෙ නං කංසාවලත් ගාණ වැඩිවේවි කියලයි. ඒ නිසා මිනිස්සු ගෙදර වත්තෙ පැලයක් දෙකක් වවන්න පුරුදු වේවි. ඔන්න ඉතිං වෙනවනං තත්ත්ව.
 
2. ඩන්හිල් කපුකම
                         
 
කපුවා – කොල්ල හොඳ සල්ලි කාරයා

මනාලියගේ පාර්ශවය – ඔය කිවුවට අපි කොහොමද විශ්වාස කරන්නෙ කපු මහත්තයා.

කපුවා – නෝනලත් පිස්සු කියෝනවා. ඒ මහත්තයා බොන්නෙ ඩන්හිල් සිගරට්.

මනාලියගේ පාර්ශවය – කවුද දන්නෙ ඩන්හිල් පැකට් එක ඇතුළෙ බීඩි දාගෙන බොනවද කියලා?


 3. ශෙයාරින් ඇන්ඩ් කෙයාරින්

                      

                   තනි සිගරට් එක තුන් දෙනෙක් ෂෙයා කරගෙන බොන්න ඉඩ තියෙනවා. එක්කෙනෙක් දාන්නෙ රුපියල් තිහයි. අනූවට ගන්නවා සිගරට් දෙකකුයි, හැක්ස් ටොපි තුනකුයි. දැන් සිගරට් දෙක තට්ටු මාරු ක්‍රමේට ගැහුවා, ටොපි තුන කෑවා, ගියා. ඔය වැඩේදි වීස් එක තියෙන බුවාලා උඩට හුස්ම අදින්න වගේ සිගරට් අදින එවුන් තමුන්ගේ සිගරට් සර්කල් එකෙන් හලන එක නුවණට හුරුයි.


 4. පඩිදින සාකච්ඡා

 

මිතුරා 1 – අද පඩිනෙ ඩෝ. හවසට සෙට්වෙමුද?
මිතුරා 2 – අනිවා ඩෝ සෙට්වෙමු
මි 1 – අදනං ගෝල්ඩ් ලීෆ් 4ක්ම ගහමු
මි2  – අනිවා බං. අනිවා. මං ගිය සතියෙ ඇදපු ත්‍රී රෝසස් කොටයක් තිබ්බ. ඒකත් අරං එන්නම්.


5. කැම්පේන්
effects of cigarettes price hike

                  දුම් බොනවට විරුද්ධ එක එක සමාගං කාරයො ඉන්නවනෙ. පොරවල් පත්තරවල ඇඩ්ස් දාලා, පෝස්ටර් ගහලා ලෝකෙට පෙන්නුවට පොරවල් ඒ කරන්නෙ සිගරට් එකක් බොන්න සම්තිං එකක් හොයාගන්න වැඩ කියලා දන්නෝ දන්නවා. එහෙම පොරවල්වලට කැම්පේන්වලට අලුත් අයිඩියාස් සෙට් වෙනවා මේ වැඩේ නිසා. ගඩොලක් විසි දෙකයි, බ්ලොක්ගලක් තිස්පහයි ඇයි මේ සිගරට් බොන සල්ලිවලින් ගෙයක් බැඳගන්නෙ නැත්තෙ? වගේ අයිඩියාස්. මේ ගැන වැඩිදුර දේවල් කියන්න බැහැ ඕකුන් ඒවත් හොරකං කරලා කැම්පේන් කරයිද දන්නෙ නෑනෙ.

6. ටෙක්නීක්ස්
effects of cigarettes price hike

                   සිගරට් එකකින් දුම අදින කාල පරතරය අඩු කරගැනීම හෝ නිව නිව බොනවා වගේ ටෙක්නීක් එකක් පාවිච්චි කරන්නත් මිනිස්සු පෙළඹෙන්න ඉඩ තියෙනවා. මහන්සි වෙලා ප්‍රගුණ කරන්න ඕන වැඩ තමයි. ඒත් ඉතිං කරගත්තොත් වාසි තමයි.

7. ගස් කෝටු
effects of cigarettes price hike

ටීවී එකෙන් විතරක් සිගරට් බොනවා දැකපු පුංචි කාලෙ වගේ වත්තට ගිහින් හවසට එක එක ගස්වල කෝටු පුච්චලා උරලා බලන්නත් මිනිස්සු පෙළඹෙන්න පුළුවන්. ඒවයින් අමුතු අමුතු රහ තියෙන දුම් එනවා වගේම සමහර එවුවට කට කහන්නත් ගන්නවා.

8. ඊ සිගරට්
effects of cigarettes price hike

ඇත්තටම ඔය ඊ සිගරට් හොඳ විකල්පයක් කියලා සමහරු පිළිගත්තත් සමහරු ඒක බැහැර කරන්නෙ ඒකෙ නියම ගතිය නැහැ කියලයි.‍ කොහොමත් සිගරට් හදලා බෙදලා ලාබෙ තියාගෙනත් රුපියල් දහයකට ඕක දෙන්න පුළුවන් එකේ අපේ අයියලා ඊ සිගරට් ඇතුළට දුම්කොළ පුරවන වැඩක් පටන් ගනීවිද දන්නෙ නැහැ. කවරෙ එකයි. ඇතුළ රී‍ෆිල් කර කර ඉන්න පුළුවන් සදාකල්. වියදම දහයටත් අඩුවෙයි.

                                  මේ විදිහට බලනකොට අපේ අයියල මොන ක්‍රම අල්ල ගනීවිද දන්නේ නෑ.කොහොමත් ආණ්ඩුව ගහන බෙර පදේට තමා අපි කොයි කාටත් නටන්න වෙන්නේ.


දිනය :2016.11.10                                            වේලාව :පාන්දර 2:00යි