මංගල දිනය සැලසුම් කිරීම (wedding day planning)

 විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී මේ දේවල් ගැන හිතන්න..













💚අවම මාස 4කටවත් කලින් වෙඩින් එක ප්ලැන් කරන්න 

💚 නැකත හදන කෙනෙක් මුන ගැහිලා අදාල දින,නැකත් ටික ගන්න .

💚 නැකත් ගන්නකොට මනමාලි නිවසින් පිට වීම,මනමාලයා නිවසින් පිට වීම,මනමාලියට තැල්ල දැමීම,මනමාලයා හෝල් එකට එම,පොරුව,සහපිටත් වීම,දෙවනි දවසෙ මනමාලයාගෙ ගෙදරට යන නැකත් යන නැකැත් ටික ප්‍රමානවත්.

💚 මුලින්ම ඔයාට වෙඩින් එකට වියදම් කරන්න පුලුවන් ගාන බලන්න .ඊට පස්සෙ එ ගානට හරියන්න වැඩ කරන්න .

💚 නැකැත් ටික ගත්තු ගමන් සැලොන්,හොටෙල් එක ,ෆොටොග්‍රැෆ්‍රර් හම්බෙලා එයාලව බුක් කරලා ඉන්න.

🤩එක දවසෙ වෙඩින් එකක් ද දවස් දෙකමද...නැත්නම් දෙන්නගෙම සල්ලි එකට දාලද වෙන වෙනමද වියදම් කරන්නෙ...එ ගැනත් හිතලා ඉන්න..

🤩 මුලින්ම පොතක ඔනි දේවල් ලිස්ට් එක හදලා ...එ තැන වලට ගිහින් ගනන් මිනුම් දැනගෙන ඔයාගේ අතේ තියන සල්ලි වලට හරියන දේවල් තෝරා ගන්න .

🌹හොටෙල් එක ..









💚 මුලින්ම ආරාධනා කරන කට්ටිය ගනන් හදන්න .ඒකට ඔයා ,මනමාලයා දෙවනි මනමාලි මල්කුමරි දෙපැත්තෙම එ සෙට් එක ,මනමාලයා ගෙ ගෙවල් වලින් එන වාහන වල රියදුරන් ,ගොයිනවෙ චේන්ජ් කරනවා නම් සැලෝන් එකෙ අය දිගටම ඉන්නවා නිසා එයාලා ,4ටො ගහන, Dj කට්ටිය එයාලවත් ඇතුලුව ප්ලේට් ගාන හදන්න .

💚 හැමෝගෙම ගමන් පහසුවට ලග හොටෙල් එකක් තෝර ගන්නවා නම් සුදුසුයි.දුර එකක් නම් ඔයාලා ගමන් පහසුව සලසනවා නම් හොදයි .

💚 ඔයා ගිහින් තියන හොටෙල් එකක් නම් වඩාත් සුදුසුයි.මොකද කැම ගැන සවිස් එක ගැන දැනුමක් තියන නිසා.

💚  හොටෙල් කිහිපයකට ගිහින් ඔයාගේ බජට් එකට සුදුසු හොටෙල් එකක් තෝර ගන්න ..

💚 ඔයාගේ ප්ලේට් ගානට සමහර හොටෙල් වලින් ඩෙකරෙශන් නොමිලේ ලැබෙනවා.එ ගැනත් අවදානය යොමු කරන්න .ඒක ඔයාට අමතර ලාබයක් .

💚 කපල් එක හොටෙල් තෝරන්න ගියත් වෙඩින් එකට සතියකට කලින් වත් දැපැත්තෙම අම්මලා තාත්තා එදාට වගකීම් දෙන සහෝදර හරි යාලුවන් ව හරි ගිහින් අදුන්වලා දෙන්න .මොකද එදාට හොටෙල් සේවකයො අවශ්‍ය දේවල් අහන්නෙ ඔයාගේ ගෙදර අයගෙන් .

💚 ඔයාට ඔනි විදිය ගැන හැම විස්තර යක්ම එයාලට කියන්න ..එ වගේම වෙඩින් එකට කලින් දවසෙ පුලුවන් නම් ඩෙකරෙශන් බලන්න යන්න 

🌹සැලෝන් එක ..














💚 කලින් මේකප් කරලා තියන සැලෝන් එකක් තෝර ගන්න .

💚 ඔයාට අදින්න ඔනි ඇදුම හෙයා ස්ටයිල් තෝරල පෙන්නන්න..ඒවයින් ඔයාගෙ මූනට ගැලපෙන එකක් එයාලා දායි ..

💚 ඔයා අලුතෙන් බඩු ගන්නෙ නැතිව සැලෝන් එකෙන්ම නම් එ දේවල් දෙන්නෙ එ සේරම දේවල් කලින් බලන්න .දාලා ඇදලා බලන්න .
එ දේවල් හරි නැත්නම් ඔයා වෙනම ගන්න .

💚නැත්නන් හෙයා ස්ටයිල් එකයි මේකප් එකයි සැලොන් එකෙන් කර ගන්න ඔයාට වෙනම බඩු ගන්නත් පුලුවන් .

💚  හෙයා ස්ටයිල් ,සහ සපත්තු තෝරද්දී මනමාලයා ගෙ උස ගැන සැලකිලිමත් වෙන්න .

💚 රිහසල් මේකප් එකක් කරනකොට ටිකක් වෙඩින් එකට සති 2ක් කලින් වගෙ කරන්න .හෙයා ස්ටයිල් දාලා බලන්න 

💚 ඔයාට ඔයාගේ ගෲප් එකෙ අයට ආසාත්මිකතා තියනවා නම් එ ගැන දැනුවත් කරන්න .

💚 වෙඩින් එකට අදින්න සැලොන් එකට යද්දී සේරම ආබරන ගලවලා යන්න .ඔයාගේ ගෲප් එකෙයි.

💚නියපොතු දානවා නම් ඔයාට වැඩක් කර ගන්න පුලුවන් විදියට සාමාන්‍ය ගානට නියපොතු කපලා දාන්න .නේල් ආර්ට් දානකොට මුද්ද දාන අතට මුද්ද දාන්න පුලුවන් විදියට දාන්න .

💚 වෙඩින් එකට දින දා ගත් දවසෙ ඉදලා ම හොදට වතුර බොන්න හමෙ වියලි ගතිය අඩු වෙලා මේකප් එක ලස්සන වෙනවා.

💚 අදින්න යනකොට එයාලා දෙන වෙලාවට යන්න බලන්න ඔයාගේ පිටත් වෙන නැකත් එක්කලා බලල...ගොඩක් පරක්කු නැකැතක් නම් දෙවනි මනමාලියො හරි කලි යවන්න .

💚 සැලෝන් එක ගොඩාක් දුරයි නම් ගෙදර ඉදලා කලින් දවසෙපිටත් වීම් නැකැත් දාගෙන සැලොන් එකට ලග නැදෑ ගෙදරකො හරි හොටෙල් එකක හරි ඉන්න.

💚 සැලොන් එකට වෙලාවට යන්න කියන්නෙ ගිය ගමන් අදින්න පටන් ගන්නෙ නැ .ඔයාලා මූන හෝදලා ජැකට් එහෙම දාන් එනකොට ටිකක් පරක්කු වෙනව උදේ නිසා පොඩ්ඩක් කම්මැලි නෙ ..එතකොට ඔයාලට 4ටො වලට පරක්කු වෙනව...

💚අනිවාර්‍යෙන් උදේට කන්න දෙයක් අරන් යන්න ඔයාටයි ගෲප් එකෙ අයටයි..මයිලො වගෙ දෙකුත් අරන් යන්න .

💚 පොඩි අය උදේට වමනෙ යන අයද බලලා එවට කරන්න ඔනි දේවල් ලැස්ති කර ගන්න .

💚මනමාලයගෙ පැත්තෙනුත් උදේට කන්න දෙයක් අරන් යන්න .

🌹ෆොටොග්‍රැපි...










💚 ඔයාලා තෝරන පැකේජ් එකේ තියන දේවල් එ විදියට දෙන කෙනෙක්ද කියලා මුලින්ම සැලකිලිමත් වෙන්න .

💚 බජට් එකට සුදුසු  ..ලස්සනට 4ටො ගහන සහ එඩිට් කරන කෙනෙක් තෝර ගන්න ..

💚 මොකද ඔයාගේ වෙඩින් එකෙ මතකසටහන ඇල්බම් එක නිසා ..

🌹වෙඩින් කාඩ්,කේක් බෝක්ස්...


💚 සල්ලි තියනවා නම් ඔයාගෙ තීම් එකට ගැලපෙන එකක් තෝර ගන්න .ඔනිම විදියට සාදා ගන්න පුලුවන් ..එක එක ගනන් වලින් තියන නිසා ..

💚 ඒත් මං දකින විදියට එ දෙකට ලොකු වියදමක් කරන්න එපා .මොකද එ දෙකම විසික් කරන දේවල් නිසා ..එවට යන වියදමින් වෙන දෙකට යොදවන්න පුලුවන් .

💚 වෙඩින් කේක් ඔයාලා කාලා තියන තැනකින් ඔයාට පුලුවන් ගානෙ හැටියට හදවා ගන්න ..

💚 කේක් ඔඩර් කරන්න යනකොට වෙඩින් කේක් බොක්ස් එකක් ගෙනියන්න.මොකද සමහර වෙලාවට කේක් එක බොක්ස් එකට දාන්න බැරි වෙලවල් එනවා.

💚  උදේට කිරිබත් කපනවා නම් තව කේක් එකක් අවශ්‍ය නැ ..

💚 වෙඩින් කේක් නැතිව කප් කේක් එකක් උනත් දෙන්න පුලුවන් .

💚 වෙඩින් එකට කලින් දවසෙ කේක් ටික බොක්ස් එකට දාන්න නැත්නම් තෙල් බොක්ස් වල ගැවෙනවා.

🌹ඩෙකරෙශන් ...


💚  ඔයාට  සහනදායී පැකේජ් එකක් තොර ගන්න ..

💚 ඔයාට තීම් එකක් තියනවා නම් ඒක ගැන පැහැදිලි කරන්න .

💚 පෝරුව ,සෙටිබැක් ,පහන,කිරිබත් මේසෙ,කිරිකලය,හෙඩ්ටේබල් ..එ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න .මොකක්ද වැඩියෙන්ම 4ටො ගහන්නෙ එ තැන් වල නිසා .

💚 හොටෙල් එකෙන් එවා පැකේජ් එකට  දෙනවා නම් එව ගන්න .

🌹 වෙඩින් කාර්..


💚ඔයා තෝර ගත්තු හෝ ඔයාලගෙ වාහනයක් නම් සැරසිලි කරන්න ඔනි විදිය එ කෙනාට පෙන්නලා ඉන්න...

🌹 සංගීත කන්ඩායම  හෝ Dj එක ..











💚 මෙ දවස් වල වැඩියෙන්ම ගන්නෙ නම් Dj තමයි ..කොහොම උනත් ඔයා මීට කලින් අහලා තියන කන්ඩායම ක් තෝර ගන්න ..

🌹වෙස් කන්ඩායම ,ජයමංගල ගාතා,නැටුම්..


💚 ගොඩාක් වෙලාවට පෝරුව හරි ඩෙකරෙශන් කරන අය ගාවින් මෙයාලව හොයා ගන්න පුලුවන් ..දෙපැත්තෙන්ම අහලා දැරිය හැකි මුදලකට ගන්න පුලුවන් කන්ඩයම ගන්න .නැටුම් කන්ඩායම නම් අවශ්‍ය ම නැ ඉතින් ...

🤩 එදාට වෙන වැඩ පිලිවෙල කොලෙක ලියලා එකට වෙන් කරන වෙලාව දාලා තියා ගන්න එ වෙලාවල් ඇතුලත වැඩ ටික කරන්න බලන්න ..
නැත්නම් ගොයිනවෙ චේන්ජ් කරනවා නම් එහෙම ඔයාලට වෙලාව මදි වෙයි..

🤩  ඔයාලට හොටෙල් එක බුක් කරාම එයාලා එක්කලා සම්බන්ද වෙලා තියන ඩෙකරෙශන් ,කැමරා අයව අඩු ගානට ලබා ගන්නත් පුලුවන් .

🤩 ඔයා හනිමූන් යනකොට ගෙනියන බඩු සෙට් එක කොලේක ලියලා තියාගන්න .පොඩි දේ උනත් එ වෙලේට අමතක වෙන නිසා .
විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් ,ඔලුවෙ කැක්කුම්,බඩ රිදීම්,වගෙ ඒවා නිතර එන කෙනෙක් නම් ඒවට හරියන බෙහෙත් දා ගන්න .
4න් චාජර්,පවර්බැන්ක්,මතක ඇතිව ගෙනියන්න.

🤩 මනමාලයා ගෙ ගෙදර ගෙනියන බඩු සෙට් එක සති දෙකකට කලින් ඉදලා වගෙ පැක් කරන්න ගන්න.

🤩 වෙඩින් එකට අව්ශ්‍ය පෝරු,සහ අනිකුත් දේවල් සතියකට කලින් වත් අරන් තියා ගන්න .කල්තබා ගන්න බැරි දේවල් විතරක් කලින් දවසෙ ගන්න .

🤩 හොටෙල් එකට ගෙනියන බඩු ලිස්ට් එකක් හදලා එවා ගානට මතක් කරලා ගෙනියන්න .කලින් දවසෙ රැ හෝල් එකට හම්බෙන රූම් එකෙන් ගිහින් තිබ්බත් කමක් නැ .
 
🤩 එදාට එ සේරම වගකීම් ගන්න පුලුවන් අයට බාර දීලා තියන්න..වෙන්න ඔනි විදිය පැහැදිලි කරලා ..එතකොට ලේසියි ..

🤩 ඔයා ලබාගත් සේවයට එයාලගෙ මුදල් ඇඩ්වාන්ස් කලින් දීලා නෙ..ඉතුරු මුදල් ලියුම් කවර වල දාලා නම් ලියලා අම්මගෙ හො ඒවා බාර දෙන කෙනාට දීලා එවා ගානට ගෙවීම් කරන්න කියන්න ..

🤩 අනිත් එක තමයි අපි වෙඩින් එකකට නැදෑයොන්ට යාලුවන්ට ආරාධනා කරන්නෙ සතුටට කන්න දෙන්න.එ නිසා එයාලා ගාවට ගිහින් මනමාලි ,මනමාලයා ගෙ අම්මලට එයාලා එක්කලා පොඩ්ඩක් කතා බහ කරන්න කියන්න ..

💚 වෙඩින් එකට දවස් 2කට කලින් හො කලින් දවසෙ දෙන්නගෙම ගෙවල් වලට හාමුදුරුවො වැඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහන්න...එන හාමුදුරු නමක් ඇති..නැත්නම් පංසලට ගිහින් ඒක කරන්න..

💚නිතරම කාඩ් දාන්න බැරි නිසා එක පාර රු 1000ක් වත් 4න් එකට දාලා තියන්න.

💚ඔයාගෙ 4න් එක හොටෙල් එකට කොයි පැත්තෙන් ආවත් පාර කියන්න් දන්න කෙනෙක්ගෙ නු එක දුර ඉදලා එන අයට දීලා එ කෙනාව දැනුවත් කරලා තියන්න.

💚තැල්ල තියන වෙලාවට පැය බාගෙකට කලින් එලාම් එකක් තියන්න.ආයි විනාඩි 4කට කලින් එලම් එකක් තියබ්න අමතක උනොත් කියලා...

💚 අනිත් එක මනමාලි මනමාලයගෙ අම්මලාට පහසු විදියට සාරිය ඔසරිය අදින්න දෙන්න..සපත්තුත් එ වගෙ..මොකද් එ දෙන්න දවසම හිටගෙන,මුලු හෝල් එකේම ඇවිදින්න ඔනි..පව්නෙ එයාලා..

💚 අලුත් සපත්තු දානකොට කකුල් කැපෙන නිසා කැපෙන තැන් වලට ප්ලාස්ටර් ගහන්න.මනමාලි ගෲප් එක,අම්මලාට එහෙම..හැමෝටම එහෙම වෙන්නෙ නැ..

💚වෙඩින් එකට කලින් දවසෙ කිසිම වැඩක් දා ගන්න එපා .මොනම හරි දෙයක් තිබ්බොත් කලින් දවසෙ දවල් 12කලින් ඉවර කර ගන්න බලන්න..හරියටම ප්ලෑන් කරොත් එක කරන්න පුලුවන්..

💚මං එහෙම කිව්වෙ මහන්සි වැඩි නිසා..මොකද් ගොඩාක් මනමාලියො වෙඩින් එක දවසෙ 4ටො වලට,අදුරන අය දැක්කම ඇරෙන්න හිනා වෙනව අඩුයි කල්පනාකර කර වගෙ ඉන්නෙ..ඇගෙ තියන මහන්සි ගතිය,නිදිමත නිසා තමයි එ..

💚බඩගින්නෙ ඉන්න නම් එපා බයිට් පොඩ්ඩක් හරි කන්න..

💚 සමහර හොටෙල් වල වැඩිවෙන ප්ලේට් ගානට,කැඩෙන දේවල් වලට,තව බීපු අය කබරයාදාලා🙊 කාපට් සවුත්තු උනාම එවා කපා ගන්න වැඩිපුර සල්ලි 30000ක් වගෙ තියා ගන්නව..එකෙ බැලන්ස් එක බලන්න කෙනෙක් දාන්න(සිහියෙන් ඉන්න කෙනෙක්)

💚වෙඩින් එකට දවස් 15කට කලින්වත් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔයාලට ලේසියි.

💚 මනමාලි නියපොතු දානවා නම් එදාට රෙජිස්ටර් වෙනවා නම් අස්සන් කරන්න පෑන අල්ලන්න පුලුවන් ගානට නියපොතු දාන්න😬

🤗🤗ඔයාලා අහපු එවට උත්තර..


🌹 වන් ඩෙ වෙඩින් එකක් ගන්නකොට..


💚 පෝරුව වෙලාව 8.45 ඉදලා දා ගන්න බලන්න. පිටත් වෙන වෙලාව 4න් පස්සෙ දා ගන්න් බලන්න..නැත්නම් රැදෙන වෙලාව මදිනෙ..

💚 එදාම රතුපාට ඇදුම අදිනවා නම් විතරයි මේව අදාල.කැන්ඩියන් එක පිටින් ඉන්න අයට වෙන වෙඩින් වගෙ තමයි..

💚සැලොන් එකෙ කෙනාව දැනුවත් කරන්න 

💚ෆොටොග්‍රැෆර් දැනුවත් කරන්න.සමහර අය ගාව එවට පැකේජ් තියනව.

💚ඔයාලා දෙන්නගෙම ලිස්ට් වල එකම කෙනා ඉන්නවාද බලලා ලිස්ට් එක ක්ලියර් කරලා ගාන හදා ගන්න.
💚ඔයාලගෙ ගාන බලලා සුදුසු හොටෙල් එකක් තෝර ගන්න..පිරිස වැඩි නිසා...

💚 වෙඩින් කාර එක උදේට එනකොට සුදු මල් දාලා, හවසට රතු පාට මල් දාන්න කාර් එකෙ කෙනාට බාර දෙන්න.

💚ඔයාලගෙ සෙටිබැක් එකෙ උදේට සුදුපාටින් දාලා හවසට රතු පාටින් මල් ටිකක් සෙට් කරල දෙන්න පුලුවන්ද කියලා අහලා බලන්න.(මේක කරන්නම ඔනි නැ.)

💚 නැත්නම් දෙකටම ගැලපෙන ඩෙකරේශන් ගන්න..

💚 හොටෙල් එකෙ ලයිට් උදේට චාම් පාටකිනුත් ඔයා චේන්ජ් කරලා එනකොට වෙන පාටකිනුත් දාන්න කියන්න..එක ගොයිනවෙ චේන්ජ් කරන අයටත් කරන්න පුලුවන් දෙයක්.

💚 උදේට කැන්ඩියන් එක,මනමාලයා තුප්පොට්ටිය හො නැශනල් එක.

💚 පෝරුව චාරිත්‍ර.

💚මිල්ක් ෆවුන්ටන්.

💚 කිරිබත් මේසේ.

💚 නැදෑයො එක්කලා 4ටො ගහන්න.(ටේබල් එකෙන් ටේබල් එකට ගිහින් හරි නැදෑයො හෝල් එකට ආපු ගමන් හරි ඒක කරන්න

💚 එ අතරෙ වෙල්කම් ඩ්‍රින්ක් බයිට් ඔයාලා දෙන දෙ දෙන්න..

💚 හරියටම 12ට බුෆෙ එකට යන්න...

💚12.35 වගෙ වෙනකොට චේන්ජ් කරන්න යන්න ඔයා දෙවනි දවසට අදින ඇදුම..

💚 හොටෙල් එකෙ 4ටො ශූට් එක කරන්න (තැන්ක් යු කාඩ් එකට එ 4ටො දෙකම ඇඩ්කරන්න පුලුවන්.නැත්නම් තැන්ක් යු කාඩ්2ම දෙන්න පුලුවන්.එක ඔයාගෙ කැමැත්ත)

💚හෝල් එකට එන්න..

💚 කේක් එක කපන්න

💚 ශැම්පේන් ෆවුන්ටන් එක.

💚කට්ටිය එක්කලා 4ටො ගහන්න.

💚අයිස් කොෆි එක දෙන්න.

💚ඔයාට චේන්ජ් කරන්න කි දෙනෙක් එනවද බලන්න..ඩෙකරෙශන් අය,කාර් එකෙ කෙනා දිගටම ඉන්නවද බලන්න.එයාලට වෙල්කම් ඩ්‍රින්ක් හරි,කෑම හරි දෙන්න..(මොකද අපෙ වෙඩින් එකට උදව් වෙන එන අයව කන්න නොදි යවන එක හරි නැති නිසා.හැබැයි ඒක ඔයාගෙ කැමැත්ත)

💚හනිමූන් සදහා පිටත් වීම්.

💚 මනමාලයගෙ ගෙදර යන්න නැකතක් දාන් එදාට ඔයාගෙ පවුලෙ අය එක්කලා යන්න.(නැදෑයො නම් අවශ්‍ය නැ..)නොමල් සාරි එකක්,ඔසරියක් අදින්න.එදාට පොඩි තේ මේසයක්,වෙල්කම් ඩ්‍රින්ක් එක හෝ සාමාන්‍ය කෑම වේලක් හො දෙකම තිබුනම ඇති..

💚 පලවෙනි දවසෙ චේන්ජ් නොකර කැන්ඩියන් හිටිය අය මනමාලයාගෙ ගෙදර යනකොට ,

💚මනමාලයා දෙන සාරි එක ඇදන් යන්න පුලුවන්.

💚 ෆොටො ශූට් එක.කැමරාමන් උදේ 4ටො ශූට් එක කරනව.
💚කේක් කපන්න 
💚පොල්තෙල් පහන 
💚වෙල්කම් ඩ්‍රින්ක් එක
💚බුෆෙ එක..

කැමති දෙයක් තොරන් කරන්න..වියදම් අඩු විදියට.

ඉතුරු ටික අනිත්වයි විදියමයි..ඇල්බම් එකට ඔනි නිසා අනිවාර්‍යෙන් 4ටො ටික ඔනිමයි.

🌹🌹 ගෙදර වෙඩින් එක ගන්නකොට.


💚 ගොඩාක් වගකිම් තියන වැඩක්..වෙන්න ඔනි විදිය කලින් ප්ලැන් කරලා එ විදියට් කරන්න් අයට බාර දෙන්න.

💚ඔයාලා කලින් ගෙ අස් කරලා ඉඩ ගන්න.අනවශ්‍ය සේරම දේවල් කබඩ් වලට දාලා වහන්න.කුස්සියත් එහෙමයි..

💚කුස්සියෙ අස් කරලා ඉඩ අනිවාර්‍යෙන් තියෙන්න ඔනි.

💚ෆ්‍රිර්ජ් එකත් අනිවාර්‍යෙන් අස් කරලා තියන්න.අයිස්,ඩෙසර්ට්,බීම වගෙ දේවල් දාන්න ඔනි නිසා.

💚මිදුලත් අස් කරලා ඉඩගන්න..කාලෙක ඉදලා කරන් එනකොට ලොකු මහන්සියක් වෙන් නැ..

💚ගෙදර පාට ගාන එවා සතියකට කලින් වත් කරන්න.සෝදලා අස් කරනවා නම් එකත් එහෙමයි.

💚අලුතින් ක්‍රර්ටන් දානවා නම් එකත් සතියකට කලින්වත් කරන්න..

💚පොරුවෙ බඩු,උයන බඩු ,ඩෙසර්ට් එකට ඔනි දේවල් ගේනවා නම් කල් තියා ගන්න පුලුවන් එවා ලිස්ට් එක ලියලා එවත් සතියකට කලින් ගෙනත් තියා ගන්න.

💚නරක් වෙන දේවල් කලින් දවසෙ ගිහින් ගේන්න බාර දෙන්න. එලවලු,පලතුරු,මස්,මාලු වගෙ දේ...

💚වෙඩින් කේක් ටික කලින් දවසෙ උදේ බොක්ස් වලට දාන්න,කැවිලි හදනවා නම් වෙඩින් එකට දව්ස් 2කලින් සේරම ඉවර කරන්න...

💚වෙඩින් එකට කලින් දවසෙ ලොකු වැඩ තියා ගන්න් එපා.මොකද ගෙදර අයට මහන්සි නිසා.

💚 ඩෙකරේශන් කරන අයට ගොඩක් රැ වෙන්නෙ නැතිව ඉක්මන්ට ඇවිත් එ වැඩෙ කරලා දෙන්න කියන්න.

💚එක තැනක් අස් කරලා කැවිලි,අවශ්‍ය බඩු තියලා තියන්න.එවා හැමොඉටම දැනුම් දීලා තියන්න.එතකොට පිලිවෙලයි.

💚කලින් දවසෙ ගෙදර අය අදින ඇදුම්,සපත්තු සේරම අයන් කරලා හැගස්වල දාලා එක තැනක තියන්න.

💚ඔයා ගෙනියන බඩු බෑග් එක දව්ස් 4කට කලින්වත් ලැස්ති කරලා තියන්න.

💚පොල්තෙල් පහන,කේක් ටේබල් එක හැදුවට පස්සෙ ගිනිපෙට්ටි,ඉටිපන්දම්,පිහිය කලින්ම එතනින් තියලා තියන්න.අදින්න පොඩිඅය නැත්නම්.

💚පොරුවෙ බඩු ටික එතනින් තියලා තියන්න.

💚වෙඩින් එකට කලින් දවසෙ නරක් වෙන බඩු ගේන එක,පිගන් වගෙ දේවල් සොදන එක,ඩෙසර්ට් හදන එක,ඩෙකරෙශන් ඇරෙන්න වෙන කිසිම වැඩක් තියා ගන්න එපා..එතකොට ලේසියි.

💚හට් එක කලින් දවසෙ උදෙන්ම ඇවිත් ගහන්න කියන්න.

💚එතකොට ටේබල්,පුටු,ෆෑන් තියන්න ඔනි විදිය හිතා ගන්න පුලුවන්.

💚ගෙදර අය නම් කිරිබත් හදන්නෙ කලින් දවසෙ සේරම දේවල් ලැස්ති කරලා තියන්න..
(ලූනු සුද්ද කරලා වගෙ දේවල්,)

💚වැඩ ඉවර අයට් පැයක් වත් නිදා ගන්න කියන්න..සේරම වැඩ හරියට ආවොත් ටිකක් මහන්සි ඇරෙන්න එක තැනක ඉන්න පුලුවන්.
ඇහැරිලා හිටියත් එලාම් තියන්න..

💚මනමාලයගෙ කකුල හොදන බේසම කෝප්පෙ හවසම එලියෙන් තියලා තියන්න.

💚වැඩට එන අයට තෙ දෙන එක එක්කෙනෙක්ට බාර දීලා තියන්න.

💚ඔයා සැලොන් එකට යනවා නම් එයාලා කියපු වෙලාවටම යන්න..

🤩හට් එක සහ ඩෙකරේශන්..


💚මුලින්ම හට් කියක් ගහන්න පුලුවන්ද.බලන්න.අනිවාර්‍යෙන් බුෆෙ එකට හට් එකක් ඔනිමයි.

💚හට් එක ඇතුලෙ හොටෙල්වල වගෙ ටේබල් දාන්න පුලුවන්.හැබැයි එන පිරිස මත තමයි ඒක තිරනය වෙන්නේ .එහෙම කරොත් ලස්සනයී ඉතින්.

💚Dj ගහනවා නම් එකට තැනක් ලැස්ති කරන්න.

💚කේටරින් කරන අය ගාව ලොකු ෆැන් තියනව.එවාත් ගන්න .

💚 සෙටිබැක්,පහන,කේක්,කිරිබත්,මිල්ක් ෆවුන්ටන්,පෝරුව,හෙඩ් ටේබල් එක ගෙ ඇතුලට ගන්න.

💚 සෙටිබැක් එක ෆොටොග්‍රැෆර්ට 4ටො ගහන්න පරතරය තියන තැනක් ගන්න.
ඉඩ මදි නම් එකක් ඉවර වෙනකොට එක ලග තියන්න පුලුවන්නෙ..වැඩියෙන්ම ඔනි සෙටිබැක් එකනෙ.

💚සරල ඩෙකරේශන් තෝර ගන්න..

💚එන අයට ගෙ ඇතුලෙ ඉන්න ඉඩ තියන්න එපා...ඒක අපහසුවක්..

🤩වැඩ බාර දීම..


💚වෙල්කම් ඩ්‍රින්ක් එකෙ ගෙදරනෙ හදන්නෙ.එවා කලින් හදලා අසුරලා තියන්න.සහ වෙලාවට බෙදන්න .

💚එන අයට දෙන්න ඔනි බයිට් එහෙම බාර දෙන්න.වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සෙ එවා දෙන්න කියන්න..

💚වෙඩින් කේක් තව කෙනෙක්ට බාර දෙන්න.

💚කැවිලි මේසේ,බුෆෙ එක ,පෝරුවෙ වැඩ..එකින් එකට බෙදලා තියන්න...

💚පුටුවලට ටේබල් වලට කවර් දාන වැඩෙ උදෙන්ම කරන්න කෙනෙක්ට බාර දෙන්න එයාලා කරලා දෙන්නෙ නැත්නම්.

💚වැඩ කරන්න ගෙදර අය,නැදෑයො,යාලුවො ඉන්නවා නම් අවුලක් නැනේ..

💚නැත්නම් කේටරින් එකෙ අය ගාව වැඩ කරන අය ඉන්නව.

💚හොටෙල් ස්කූල් වලින් කට්ටිය ගන්න පුලුවන්.

💚කරන්න ඔනි විදිය එයාලට කියලා තියන්න..

🤩කේටරින් එක සහ කෑම..


💚 කෙටරින් එකෙන් සෙරම දේවල් ගන්න පුලුවන්නෙ..එයාලට කියන්න ඔයාට ඔනි විදිය..

💚මෙතනදි ඔයාට ඔනි මෙනු එක දාන්න පුලුවන්..රයිස් වර්ග කියද,නුඩ්ලස් තියනවද,ප්‍රධාන කරි වර්ග,අනිත් කරි,සලාද...

💚 එයාලගෙ මෙනු එකට ඔයාට ඔනි සේරම එනකොට ගන වැඩියි නම් ඔයාට පුලුවන් එවා ගෙදර හදන්න පුලුවන් ඔයාගෙ ගානට ශේප් වෙන විදියට.

💚ඩෙසර්ට් එහෙමනම් අමාරු එවා නැතුව අනිත් එවා ඔයාලට හදන්න පුලුවන්නෙ..

💚 ඔයාට ගෙදරත් හොටෙල් එක වගෙ ලස්සනට් කරන්න පුලුවන්..ටේබල්වල වතුර විදුරු එහෙම තියලා.බුෆෙ එකෙ වෙලාවට එ විදුරු වලට වතුර දාලා ,බයිට් කන්න පොඩි දීසි එහෙම තියලා.

💚 පොඩි පොඩි වැඩ පස්සෙ කරනව කියලා දා ගන්න එපා.සේරම එකතු උනාම පිස්සු වගෙ වෙනව.කලින් දවසෙ පුලුවන් තරම් ෆ්‍රී කර ගන්න බලන්න..

💚මුල ඉදලා වැඩපිලිවෙලට ලියලා කරලා ඉවර උනාම හරියක්දාලා තියන්න.

🌹හනිමූන් ගෙනියන බැග් එක ගැන අහලා තිබුනා.එත් වෙන කෙනෙක්ගෙ පෝස්ට් එකකට උත්තර දීලා තිබුනා කට්ටිය..එ නිසා එ ගැන ලියන් නැ...2යි ලියන්නෙ.

💚 කතුරක් අරන් යන්න දැන් මනමාලිගෙ මාල ටික,අලුතින් දාන ඔනම්න්ට් මහනවා.එවා කපන්න ඔනි උනොත් එහෙම.

💚 නුලක්,ඉදිකට්ටක් ,හැට්ටකටු-අදින එකක බොත්තමක්වත් ගැලඋනොත් එහෙම දන්නවනෙ නිකම් දවස් වලටත් වෙන දේවල් ඉතින්..

💐හොටෙල් එකකට ගිහින් කතා කරන්න ඔනි දේවල්..
💚 මුලින්ම අපෙ වෙඩින් එකට ආරාදනා කරන අයගෙ ලිස්ට් එක හදා ගන්න ඔනි..කි දෙනෙක්ද කියලා  ..100-150-200එ වගෙ..

💚 හොටෙල් එකෙ එ පිරිස දාන්න පුලුවන්ද කියන එක මුලින්ම බලන්න.(.පෝරුව,සෙටිබැක් එක ආවම ඉඩ කොහ්මද බලන්න..)

💚හෝල් එක දෙන කාලය බලන්න..සමහර එවයි එයාලා දෙන කාලය ඉවර උනාම වැඩිපුර ගෙවන්න වෙනවා.එ නිසා ඔයාලට පිටවිම් නැකැත්,ඇතුල්විම් නැකැත් වෙලාවල් කියන්න.

💚 එයාලගෙ පැකේජ් බලන්න..එවයින් සුදුසු එකක් තෝරගෙන එවයි විසතර..

🌵පෝරුව, සෙටිබැක්,ඩෙකරේශන්,කේක් කපන්න,කිරිබත් කපන්න පිහි,කකුල හෝදන බාජන ,වෙඩින් කාර් එයාලා දෙනවද අහන්න..දෙනවා නම් එවයි විස්තර ගන්න.

🌵පෝරුව එලියෙ ගන්නවා නම් එ ගැන..

🌵බ්‍රයිඩ්ට දෙන රූම් එකට අමතරව ජයමංගල ගාතා,බෙර ,නැටුම් එවාට වෙනම රූම් එකක් ගන්න පුලුවන්ද..

🌵උදේට කැවිලි මේසේ කැවිලි දාන්න බාජන එයාලා දෙනවද,උදේට දෙන තේ එක එයාලා දෙනවද,අපේ බඩු වලට එයාලා හදලා දෙනවද අහන්න.

🌵වෙල්කම් එක කොහොමද වෙන්නෙ- කිරිබත් හොටෙල් එකෙන් ගන්නවා නම් එයාලට කපන කිරිබත් එක හදලා දෙනවද,එක ඩෙකරේශන් අය එක්කලත් කතා කරලා බලන්න.

🌵වෙල්කම් ඩ්‍රින්ක් එකට දෙන්නෙ මොනාද ,එක දෙන්නෙ කොහොමද (ටේබල් එකෙ තියලා තියනවද,අමුත්තා ආවම දෙනවද)කිසිම කෙනෙක්ව මග ඇරෙන් නැති වෙන්න දෙන්න කියන්න.

🌵වෙල්කම් එකයි,බුෆෙ එකයි අතර කාලයට දෙන බයිට් එක ගැන..(අවශ්‍ය ප්‍රමාන..එයාලා දන්නවා සාමන්‍යෙන් දෙන විදිය.ඊට අමතර වැඩි දෙයක් ඔනි නම් එ ගැන.

🌵බාර් එකෙ වැඩ ටික ගැන-එකෙ බයිට් වර්ග ගැන..

🌵කෑම-ප්ලේට් එකෙ ගාන,එකට එන කරි වර්ග,ඩෙසර්ට් එක.

🌵හවසට දෙන අයිස් කොෆි එක ගැන..

🌵ලයිට් සිස්ටම් එක ගැන.

🌵පුල් එකක් තියන හොටෙල් එකක් නම් එක ගන්න පුලුවන්ද..

🌵හොටෙල් එකෙම ඉන්නවා නම් හනිමූන් රූම් එක ගැන..කෑම ගැන..එ පැකේජ් එක ගැන.

🌵බ්‍රයිඩ් අදින්නෙ එ හොටෙල් එකෙනම් සැලෝන් එකක් තියනවද නැද්ද..නැත්නම් ඩ්‍රෙසින් රූම් එකට ඔනි ලයිට් තියනවද බලන්න..නැත්නම් දාලා දෙන්න කියන්න..

🌵පුටු කවර ,ක්‍රර්ටන් ,වල පාට වෙනස් කරන්න පුලුවන්ද(ඔයාට අවශ්‍ය පාටට)සමහර අය එක කරලා දෙනවා.

🌵ගොයිනවෙ චේන්ජ් කරනවා නම් ,ඒකට කේක් ,ශැම්පේන් එහෙම තියනවා නම් එ ගැන..ඔයාට ඔනි විදිය කියන්න් එ විදියට හදල තියන්න කියන්න.

🌵4ටො ගහන්න ලොකේශන් තියනවද.

එ දේවල් තමයි....

💐තව හනිමූන් ගෙනියන බැග් එක ගැන දාන්න කියලා කියලා තිබුනා..එක ගැන පෝස්ට් එකක් වෙන සොයුරියක් දාලා තිබුනා..මගෙනුත් දෙතුන් දෙනෙක්ම ආපහු අහපු නිස මාත් දන්නම්..

🌵දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි..

🌵 හෝම්කමින්ග් අදින ඇදුම අව්ශ්‍ය නම් විතරක් ගෙනියන්න..නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න හොක්ම්කමින්ග් එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.

🌵යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.

🌵ඩේ,නයිට් කියක්ද් බලලා ඇදුම් ගන්න.
🌵බීච් එක හරි,පූල් එක,දිය ඇල්ලක් හරි තියන තැනක්,පලාතක් නම් එකටහරියන ඇදුම්.
🌵ඇවිදින්න යනවාඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.
🌵සපත්තු,සෙරෙප්පු 2ක්
🌵මේකප් රිමු එකක් අවශ්‍ය නම් විතරක්,ෆේශ්වොශ්,ශැම්පු,කන්ඩිශනර්,බොඩිවොශ්,ටූත්පේස්,බ්‍රශ්
🌵ටවල්,ටිශූ,සනීපාරක්ශක ද්‍රව්‍ය.
🌵ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක,සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව,බූල්බැන්ඩ්,කොන්ඩ කටු,සිලිකන් ඔයිල්.
🌵ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.
🌵4න්4න් චාජර්,පවර් බෑන්ක්,4න් කාඩ්,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.
🌵හොම්කමින්ග් එකට ගාන කියුටෙක්ස්,රිමු එකක්.
🌵නූල්,ඉදිකටු,කතුර,කටු කැරැල්ලක්.
🌵තෙත ඇදුම්,දාන්න ඉටි කවර,ශොපින් බෑග් .
🌵වතුර බෝතලයක්,කන්න බිස්කට් ස්නැක් මොනා හරි ටිකක්.
අඩුමොනා හරි තියනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න.

🦋ලමායී..මේක නම් වැදගත්..බජට් එක බැලන්ස් කරන එක වෙඩින් එකට විතරක් නෙමෙයි හැමදේටම වැදගත්...

👇මං මෙ දාන එකෙන් ඔයාලගෙ බජට් එක බැලන්ස් කර ගන්න පුලුවන් වෙයි..

🤩අවශ්‍යම දේ....
🐳මාලය,මුදු දෙක                             රු ...........
🐳මල්ලිට දෙන මුද්ද                         රු ............            
එකතුව                                        =  රු ..............

🐳වෙඩින් කාඩ්                           රු ...............
🐳කේක් බොක්ස්                        රු .............
🐳වෙඩින් කේක්(කැලි කියකක්ද)  රු ............
🐳වෙඩින් කාර්,ඩෙකරෙශන්           රු ...........
🐳අමතර                                        රු .............
එකතුව                         =රු :-.............

🌷හොටෙල් එක🌷


🤩කෑම.....
🐳කැවිලි(වෙන වෙනම ගනන් දාන්න) රු ........
🐳කිරිබත්                            රු ............
🐳ප්ලේට් එකට                  රු .............
🐳බාර් එකට බෝතල්       රු ...............
🐳බාර් එකෙ බයිට් එකට      රු ...........
🐳බයිට් එන අයට දෙන        රු...............
🐳තේ                                       රු ...............
🐳අයිස් කොෆී                      රු .................
🐳අමතර                          රු ................
එකතුව                   = රු :-...............

🤩හෝල් එක..

🐳ඩෙකරෙශන්
(පෝරුව,සෙටිබැක්,ඔයිල් ලැම්ප්,ටේබල් ඩෙකරේශන්,මිල්ක් ෆවුන්ටන්-මෙවයි ගනන් වෙන වෙනම නම් එවා ලියන්න)
🐳පෝරුව චාරිත්‍ර
🐳ජයමංගල ගාතා
🐳කේක් හො කිරිබත්
🐳බෙර කන්ඩායම
🐳ඩාන්සින් ගෲප්
🐳බෑන්ඩ් හෝ Dj
🐳අමතර
එකතුව...                = රු :-..............

🌷මනමාලි🌷


















🤩ඇදුම්..
🐳වෙඩින් සාරි
🐳ජුවලරි
🐳සපත්තු
🐳මේකප්,හෙයා ස්ටයිල්
🐳මල් බොකේ

🐳දෙවනි මනමාලි ඇදුම්
🐳ජුවලරි
🐳සපත්තු
🐳මල්
🐳මේකප්,හෙයා ස්ටයිල්

🐳මල්කුමාරි ඇදුම්
🐳ජුවලරි
🐳සපත්තු
🐳මල්
🐳මේකප් ,හෙයා ස්ටයිල්

🐳ගොයිනවෙ ඇදුම
🐳සපත්තු
🐳ජුවලරි
🐳මල්
🐳මේකප්,හෙයා ස්ටයිල්

🐳හෝම්කමින්ග් ඇදුම
🐳සපත්තු
🐳ජුවලරි
🐳මල්
🐳මේකප් ,හෙයා ස්ටයිල්

🐳අමතර
එකතුව                         =රු  :- ...............

මනමාලයගෙ එවත් දාන්න පුලුවන්.

🌷ෆොටොග්‍රැපි,විඩියො🌷


🐳ෆොටොවලට ගාන 
🐳විඩියො වලට ගාන
🐳ප්‍රී ශූට්
🐳තැන්ක් යු කාඩ්
🐳ඇල්බම්
🐳ෆොටො ෆ්‍රේම්
🐳අමතර
එකතුව                = රු :- ..................

🌷හනිමූන්🌷

🐳හොටෙල්
🐳කෑම
🐳ට්‍රැවල්(යන්න එන්න වියදම)
🐳අමතර මුදල්
🐳අනෙකුත්
එකතුව                     = රු :- .............
 
වෙනත් අමතර දේ     = රු :- ...........
මුලු එකතුව                = රු :- ............
වෙඩින් එකට වෙන් කල සම්පූර්න මුදල
                                      = රු :- ...............
ඉතිරිය හො මදි උ මුදල = රු :- ............

🐛වෙඩින් එකට වෙන් කල මුදලින් මුලුඑකතුව අඩු කරලා ඉතුරු වෙනවා නම් හොදයි.
වෙන් කරපු මුදලට වැඩිය වැඩි වෙනවා නම් අනවශ්‍ය වියදම් කපා හරින්න..

💚අමතර කියල දාලා තියන එවට කෑම,එ තැන් වලට ගිය ට්‍රැවලින් ගාස්තු දාන්න පුලුවන්.

💚හෝම්කමින්ග් එකෙ සහ මනමාලයගෙ ගනනුත් දා ගන්න.ලියන්න කම්මැලි නිසා දැම්මෙ නැ.😉😁🙈

🦋මෙක වෙඩින් ඩේ එකෙ පිලිවෙල..
මේක පිලිවෙලකට වැඩ කරන කෙනෙක්ට දීලා එයාට් වැඩ බලන්න කියන්න..

දිනය.2020.00.00

🐙06.00 am - 4ටො ශුට් එකට යෑම
🐙8.00 am- වෙඩින් හෝල් එක සූදානම් විය යුතුයි(මනමාලි එන්න පැය බාගෙකට කලින්)
🐙 8.30 am-  මනමාලි පැමිනිම.
🐙00.00am -මනමාලය පැමිනිම.
🐙00.00am - පෝරුව පටන් ගැනිම
🐙00.00am - පෝරුව ඉවර කිරිම
🐙00.00am- පොල්තෙල් පහන,කිරිබත් කැපීම
🐙00.00 am - උදේම ආපු අය එක්කලා 4ටො ගැනිම.
🐙00.00 am - පැමිනි අයට කතා කරන්න යෑම
එ අතර ප්‍රී ශුට් එක දැමීම.
🐙00.00 am- අනිකුත් අය එක්කලා 4ටො ගැනීම
🐙12.05 pm - බුෆෙ ඔපන්
🐙00.00 Pm - ගොයිනවෙචේන්ජ් කරන්න් යැම්(පැය බාගයි)
🐙00.00pm - ගොයිනවෙ 4ටො ශූට් විනාඩි 20
🐙00.00 pm - වෙල්කම් සෝන්ග් නැවත හොල් එකට එනකොට
🐙00.00 pm- කේක් කැපීම,ශැම්පේන් ෆවුන්ටන්
🐙00.00 Pm - ඩාන්සින් ෆ්ලෝ ඔපන් ,ගොයිනවෙ එකෙන් 4ටො ගැසිම.
🐙00.00 pm -ඩාන්සින් ෆ්ලෝ එක ක්ලෝස් කිරිම
🐙00.00 pm - කතාව(විනාඩි 8)
🐙00.00 pm - කතාව (විනාඩි 8)
🐙00.00pm -පිටත් වීම්.

ඔයාලා ආපු අයට දෙන ස්ප්‍රයිස් ඩාන්ස් තියනවා නම් එ වෙලාවල් ඇඩ් කර ගන්න.

🦋හෝම් කමින්ග්


🐙00.00 -  4ටො ශුට් එකට යෑම
🐙00.00 - පැය බාගෙකට කලින් ගේදර ලගට ගිහින් ඉන්න.රැග් එක දුන්නොත් එහෙම වෙලාව පහු වෙයි😉
🐙00.00 - ගෙදරට ඇතුලු විම්
🐙00.00 - පොල්තෙල් පහන,කේක් කැපිම
🐙00.00 - 4ටො ගැනීම
🐙00.00 - පැමිනි අය එක්කලා කතා කිරිම.
🐙00.00 - බුෆෙ එක ඔපන් කිරිම
🐙00.00 - කැමති වෙලාවකට ඉවර කර ගන්න පුලුවන් ගෙදර නම්..

ඔයාලගෙ නැකැත් අනුව වෙලාවල් දා ගන්න..

🐛කොච්චර කෑවත් මහත් වෙන් නැති කෙට්ටු කෙල්ලො බය වෙන්න එපා කිඩ්ස් එකෙ ඇදුම්,ට්‍රවුසර් අදින අයත් මනමාලි උනාම ලස්සනයි..සැලොන් එකෙන් ඇදුමෙ පාට ගලපලා ,ගැජට් කැලි දාලා මහත් කරලා ගන්නවා හොදේ😉

🐛 මහත කෙල්ලො නම් පොඩ්ඩක් කෙට්ටු වෙන්න බලන්න.ගොඩාරියක් මහතයි නම් විතරයි හොදෙ..නැත්නම් චබි අය ලස්සනයි.ඔය 4ටොස් වල එහෙම බලන්නකො.චබියො ඉන්නෙ ලස්සනට.වෙඩින් එක දවසට ගොඩක් ලස්සනට ඉන්න කෙට්ටු වෙනව කියන මොටිවෙශන් එක හිතට අරන් තෙල් කැම ,පැනිරස කැම අඩු කරලා ව්‍යායාම කරලා කෙට්ටු වෙන්ටෝ...සිංහල වෙයිට් ලොස් ගුරු කියන ගෲ එකට ගිහින් එකෙ තියන එවා කරන්න.වියදම් නැතිව ලෙසියෙන්ම කරන්න පුලුවන් හාෆ් ප්ලේට් එක.එක කරන්න.

🐛හොදටම වතුර බොන්න
🐛සැලොන් එකෙ ෆෙශල් වලට යන්න.
🐛බ්ලිචිං තියන මොකුත් ගාන්න එපා.තාවකාලික සුදයි,ලෙඩ ගොඩකුයි ලැබෙයි.
🐛ඉන්ජක්ශන් වලට යන්නත් එපා එක ගොඩාක් බයානකයි.
🐛ෆේශල් වලට සල්ලි නැති අය ගෙදර ස්භාවික ට්‍රීට්මන්ට් කරන්න.
🐛තිසු බියුටි පේජ්,ලේඩි ග්ලොව් බියුටි ටිප්ස් එ පේජ් 2 තියනව හොද ස්භාවික දේවල්.

💚💚💚 අන්තිමට කියන්න තියෙන්නෙ ඔයා ලංකාවේ තියන හොදම හොටෙල් එකෙ වෙඩින් එක ගත්තත් එන මිනිස්සු කියන්නෙ අනේ කෑම හරි නැ කියලා ..ඔයිට වැඩිය අරක හොදයි මේක හොදයි කියලා ..

ඔයා හොදම දේවල් තේරුවත් අනිවාර්යයෙන් ඒකෙ ඇදයක් එන අයට පේනවා ..

ඒ නිසා ලොකුවට හිතන් නැතිව අඩු වියදමකින් සල්ලි නාස්ති නොවී ලස්සනට වෙඩින් එක කර ගන්න බලන්න ...

මොකද සල්ලි ඉතිරිය මගින් ඔයාලගෙ අනාගතය ලස්සන කර ගන්න පුලුවන් නිසා .

සිහින වලින් පැවසෙන යම් යම් අනාවැකි ( Meaning Of Dreams )

       අතීතයේ සිට මිනිසුන් තමන් දකින විවිද සිහින වලින් පැවසෙන යම් යම් අනාවැකි ගැන විශ්වාස කරලා තිබෙනවා..ඉතින් අපි කොයි කවුරුත් විවිද සිහින දකිනවනේ අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඔබ දකින සිහින රැසකින් කියවෙන අනාවැකි ගැන ….ඔබත් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න ……….
රාත්‍රියේ යාම පහ
  1. ප.ව 06. 00 – 08. 24 තෙක්
  2. ප.ව 08. 24 – 10. 48 තෙක්
  3. ප.ව 10. 48 – 01. 12 තෙක්
  4. පෙ.ව01. 12 – 03. 36 තෙක්
  5. පෙ.ව 03. 36 – 06. 00 තෙක්
          මෙයින් ප්‍රථම යාමයේ දකින සිහින වර්ෂයක් තුළද, දෙවැනි යාමයේ දකින සිහින මාස අටක් තුළද, තුන්වැනි යාමයේ දකින සිහින මාස තුනක් ඇතුළතද, සිව්වැනි යාමයේ දකින සිහින මාසයක් තුළද, පස්වැනි යාමයේ දකින සිහින දස දිනක් ඇතුළතද සැබෑ වන බව පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
      සිහිනයක් දුටු විට කලබල නොවිය යුතුයි. කලබ වූ විට සිදුවන්නේ අසුබ සිහිනයක ප්‍රතිඵල ඉක්මන්වීමත්, සුබ සිහිනයක ප්‍රතිඵල නොලැබී යාමත් බව තේරුම් ගත යුතුයි.එබැවින් සුබ සිහිනයක් දුටුවද, අසුබ සිහිනයක් දුටුවද කලබල වීම නොකළ යුතුයි. සිහින තේරීම ප්‍රහේළිකාවක් තෝරන ආකාරයට කළ යුතු බවත්, තෝරාගැනීමේ ශක්තිය නැත්නම් දැනුම ඇති අයෙක් ලවා තෝරා ගත යුතු බවත් පූර්වාචාරීන් ප්‍රකාශ කර තිබෙනවා.දකින සිහින අනුව ලැබෙන ප්‍රතිඵල.

* නිල් – ජීවිතයේ ප්‍රශ්න හා අසීරුකම් ළඟදීම අවසන් වනු ඇත,
* කළු – ජීවිතයේ දුෂ්කරතාවලින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ඔබට හැකිවේවි,
* රතු – ඉවසීම සිඳී යනු ඇත. අනතුරක සේයාවකි. කල්පනාවෙන් වැඩ කරන්න.
* කොළ- පිටරට සවාරියකට වාසනාව හිමි වේ.
* තැඹිලි – ඔබේ කටයුතු කල් දැමීමට සිදු වේවි.
* රෝස – එකවරම ඔබට නොසිතූ විරූ සාර්ථකත්වයක්‌ ලැබෙනු ඇත.
* දම් – බොහෝ කලක්‌ පවත්නා ප්‍රීතියක්‌/සතුටක්‌ ඔබට හිමිවෙයි.
* කහ – ඔබේ ඉදිරිමග පැහැදිලිය.
* සුදු – හැම දෙයක්‌ම හොඳින් සාර්ථක වේ.
* බෝංචි මෑ ආදිය දැකීම – සමෙහි රෝග ඇතිවේ.
* මත්පැන් පානය – අසනීපාදී විපත් ඇතිවේ.
* මඩෙහි එරීම – මරණය හෝ දරුණු රෝග ඇතිවේ.
මුහුණේ මඩ තැවරීම – මරණයට පෙර නිමිත්තකි.
තමන්ගේ මරණය දැකීම – විවාහය ඉක්මන්වේ , දියුණුව ඇතිවේ.
වෙනත් අයගේ මරණය – රෝග පීඩා ඇතිකරවයි.
මල් පිරි ගස් – ධනය සහ සතුට ඇතිවේ.
මැණික් ආභරණ – වස්තුව ධනය ලැබේ.
මිණිගෙඩි දැකීම – කීර්ති ප්‍රසංසා ඇතිවේ.පෙම්වතුන්ගේ ආදරය ලැබේ.
මිනීමස් – වස්තුව ලැබේ.
කුරුල්ලෙකුගේ මස් – අදහස් සපලවේ.
මනුෂ්‍ය ඝාතනයක් – අවාසනාවන්ත විපත් රෝග පීඩා ඇතිවේ.
මීදුම – සැප සතුට වස්තුව ලැබේ.
මීයන් – රෝග , දුක ,ධනහානි.
මීමැස්සන්න් ආදී කෘමීන් – වස්තුව ලැබේ.
මී පැණි – ධන හානි රෝග පීඩා.
මීහරක් – ලෙඩදුක් විපත් සහ අසතුට ඇතිවේ.
එළදෙනෙකු මිලදීගැනීම – යහපත් බිරිදක ලැබේ.
උසකින් බිමට වැටීම – කනගාටුව සහ ධනහානි ඇතිවේ.
ලේබීම – වස්තුව ලැබේ.සුබ ආරංචි ලැබේ.
ඇල්දිය බීම – සතුට සැනසීම හිමිවේ.
බල්ලන් පොරකනු දැකීම – මරණයක් හෝ තදබල අසනීප ඇතිකරවයි.
බළලුන් දැකීම – අනතුරක් හෝ අලාබයක් ඇතිවේ.
බයිසිකල් පැදීම – තුන්දොස් කිපේ.
බමුණන් දැකීම – සතුට ධනය ලැබේ.
ඉදුණු ගෙඩි පළබර වූ ගස් දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.
ප්‍රේතයන් දුටුකල – ඇතමුන්ට සතුට සෞභාග්‍ය උදාවන අතර ඇතමුන්ට අභාග්‍ය උදාවේ.
යමෙකු ගං ඉවුරක සිට නෙලුම් කොළයේ බත්කනවා දුටු විට විශාල ධනස්කන්දයක් හිමිවේ.
බූරුවන් දුටු කල හදිසි රෝග වැළදේ.
බූරු මස්කනු දුටුවිට ප්‍රිතිය වස්තුව ඇතිවේ.
තම හිස බූගා සිටීම දුටුවිට කලකෝලාහලයන්ට මැදිවේ.
බෙර ගැසීම හෝ තූර්‍ය භාණ්ඩ වාදනය කිරීම දුටුවිට ලෙඩ දුක් කරදරත් අවාසනාවත් මතුවේ.
රසවත් ආහාර වැළදීම ධන ලාබ සහ සතුට උදාකරයි.
ඉපැරණි නටඹුන් දුටුවිට සතුට වාසනාව උදාවේ.
පැරණි පඩිපෙල් දැකීමෙන් තම බලාපොරොත්තු වෙනස්වීමට හේතුවේ.
පැරණ ආගමික ස්තානයන් දැකීමෙන් උසස්වීම් , උසස් තනතුරු සහ ප්‍රසිද්ධිය ඇතිවේ.
කූඩැල්ලන් තම ශරීරයෙන් ලේ බීම , නෙලුම් කොලයේ කිරි බීම , සුදු නාගයන් , සුදු අශ්වයන් , සුදු නෙලුම් මල් , මීවද ආදිය දැකීමෙන් සියලු දුක්කරදර නිමා කරමින් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබීමට හේතුවනු ඇත.
තම මෑණියන් සතුටු කදුලු හෙලනවා දැකීමෙන් , තමාට ආදරය කරනවා දැකීමෙන් ධන සම්පත් ලාබ හිමිවේ.
පිරිසිදු දිය නෑම , සුවද ඇග ගැල්වීම , රන් රිදී වටිනා ආභරණ පැලදීම දුටුවිට යස ඉසුරු සම්පත් වාසනාව හිමිකරයි.
ශරීරය පුරා ලේ ගලායාම දුටුවිට සතුට වාසනාව සමග ධනය ලැබීමට හේතු ඇතිවේ.
මගුල් පෝරුවක් දැකීමෙන් කරදරවලින් මිදී වාසනාවන්ත කාලයක් උදාවේ.
මංගල බෝජණ දැකීමෙන් හදිසියේ දුර බැහැර විනෝද චාරියා යෙදීමට හේතුවනු ඇත.
මංගල වෙඩි දැකීමෙන් දුර බැහැර ඤාතියෙකුගේ පැමිණීම සිදුවේ.
මංග පෙරහැර දැකීමෙන් ධනය බලය ලැබේ.
ජයමංගල ගාථා කියන දරුවන් දැකීමෙන් ගෞරවයත් තනතුරුත් හිමිවේ.
මංගල සභාව දැකීමෙන් සතුට ප්‍රිතිත ඇතිවනු ඇත.
අවමංගල පෙරහැර දැකීමෙන් මියගිය ඤාතියෙකුගෙන් හිමිකමක් ලැබේ.
අවමංගල සභාව දැකීමෙන් සතුරෙකු මිතුරුවේ.සතුරෙකුගෙන් උපකාරයක් හිමිවේ.
එල්ලුම් ගස දැකීමෙන් වාසනාවන්ත කාලයක් හිමිවේ.
අවමගුල් පෙරහැරෙහි යනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.
මළ සිරුරක් භූමධානය කරනවා දැකීමෙන් ඉක්මන් විවාහයක් සිදුවේ.
හොල්මන් අවතාර දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.
මල මිනී නහවනු දැකීමෙන් ජය හිමිවේ.
මල මිනියක සමග නිදාගෙන සිටිනවා දැකීමෙන් දීර්ඝායුෂ හිමිවේ.
මල මිනියක් කරතබා යනු දැකීමෙන් අධික වස්තු ලාබයක් හිමිවේ.
මියගිය අයෙකු සමග එකට වාඩිවී ආහාර ගන්නවා දැකීමෙන් වස්තුව හිමිවේ.
මියගිය කාන්තාවක සමග සංසර්ගයේ යෙදී සිටිනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.
මල් පිරුණු ගසක් දැකීමෙන් සතුට ප්‍රීතිය උදාවේ.
තම මව සැපසේ ජීවත්වනවා දැකීමෙන් සැප ලැබේ.
සිහිනෙන් මාලිගාවකට යනු දැකීමෙන් වස්තුව ගරු නම්බුව සමග සතුට හිමිවේ.
සිහිනෙන් මිත්‍රයෙකු දුටුකල සතුට සැපත හිමිවේ.
මුතු , දියමන්ති , සදුන් දැකීමෙන් වාසනාව , ධනලාබ සමග සතුට සමාදානය ඇතිවේ.
තමා මියයනවා දැකීමෙන් ධනලාබ ලැබේ.
මුතුන් මිත්තන් සිහිනෙන් දුටුකල සතුට ධනය සෞභාග්‍ය හිමිවේ.
දියේ ගිලී මියයනවා දුටුවිට තම මිත්‍රයෙකු විරසකවේ.
රජවරු ඇමතිවරු දැකීමෙන් හදිසි ධන ලාබ ලැබේ.
අටුකොටුවල බෝග පුරවා තිබෙනවා දුටු කල සැප සම්පත් ලැබේ.විවාහ යෝජනාවන් ස්තිරවේ.
අත් ඔරලෝසු දැකීමෙන් පුත් රුවනක් ලැබේ.
අත් ඔරලෝසු කැඩෙනවා දැකීමෙන් ධන හානි සිදුවීමට හේතුවේ.
සුන්දර කාන්තාවක් තමන්ට අතට අත දෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.විශාල ධනයකට හිමිකම් කීමට ලැබේ.
අන්ධකාරය පැතිරී තිබෙනවා දැකීමෙන් චිත්ත පීඩා සිත් වියවුල් ඇතිවේ.
වෙනත් අයෙකු බත් අනුබව කරනවා දැකීමෙන් ජය හිමිවීමකි.
තමන් බත් අනුබව කරනවා දැකීමෙන් දුක් වීමට හේතුවක් ඇතිවේ.
ප්‍රභූන් සමග බත් අනුබව කරනවා දැකීම උසස් තනතුරු ලාබයකි.
අපිරිසිදු ජලය ස්නානය කරනවා දැකීමෙන් දුක් කරදර සහිත කාලයකි.
අම්බලමක් දැකීමෙන් බිරිදගේ වෙන්වීමකි.දුක් කරදර සහිත කාලයකි.
රාජාභිෂේක දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවකි.දේවාභිෂේක සතුට , ධනය වාසනාව ඇතිකරයි.
අමෘර්තය පානය කිරීමෙන් ගෞරවය , නම්බුව , ප්‍රිතිය , සතුට වාසනාව උදාවේ.
අන්නාසි අනුබව කරනවා දැකීමෙන් රූබර තරුණියක / තරුණයෙකු සමග විවාහය සිදුවෙයි.
විවාහක යුවලක් දුටුකල පවුලේ සමගිය වර්ධනයවේ.සතුට උදාවේ.
උගතෙකුගෙන් අවවාද උපදෙස් ලැබීම දුටුවිට දියුණුවට මගපෑදේ,ඤාණය බුද්ධිය ලැබේ.
යමෙකු මවගෙන් උපදෙස් ලැබීම දුටුකල බුද්ධිමතෙකු බවට පත්වීමට මග සැලසේ.
අලි ඇතුන් දැකීමෙන් වාසනාව මතුවේ.
අලිපිට නැගීයාම දුටුවිට තනතුරු ගෞරව සම්මාන හිමිවේ.
අසූචි ශරීරයේ තැවරී සිටිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.
වෙනත් අයෙකු අලි පන්නනු දැකීමෙන් තමාට , තම නිවසට දේව දෝශයන් මතුවී ඇත.දෙවියන් උදෙසා බාරහාර සිදුකර , ඒවා මගහරිමින් සිටිනවා විය හැකිය.
අලුත් ඇදුම් අදිනවා දැකීමෙන් තමා කරගෙන ආ කටයුටු දියුණුවටපත්වේ.
රතු නිල් වර්ණයේ ඇදුම් අදිනවා දැකීමෙන් තම කටයුතු විනාශවී දුක පැමිණේ.තමා සිටින ආසනයෙන් බිම ඇදවැටීමෙන් තනතුරු වර්ප්‍රසාධ අහිමිවීමක් සිදුවේ.
සුදු ඇතෙකු දැකීමෙන් ගෞරව , නම්බුනාම , තත්වය මෙන්ම වාසනාවන්ත දරුවන් පිළිසිද ගැනීම සිදුවේ.
සිහිනයෙන් හඩාවැළපෙනු දැකීමෙන් තම කටයුතු දියුණුවට පත්වේ.
ඇග සේදීම දුටුකල කුසලයට යොමුවේ.
අතෙහි ඇගිලි කැපී ලේ ගලනවා දැකීමෙන් හොද පෙම්වතෙක් / පෙම්වතියක් ලැබේ.
පරවියන් , ගිරවුන් , කොවුලන් ආදී පාක්ෂී නාදයන් සිහිනෙන් ඇසීමෙන් එතෙක් ගතකල දුක්බර ජීවිතය නිමාවී සැපවත් කාලයක් උදාවේ.රෝගියෙකු නම් සුවවේ.
කුකුල් , කපුටු නාද ඇසීම අනාගතයට අසුබ නිමිත්තකි.
සුදු දළ ඇතෙකු දැකීමෙන් තනතුරු ලාබ හිමිවේ.
තම ඇස් අන්ධවී සිටිනවා දැකීමෙන් මිතුරන් හානිවේ.තමාටත් බිරිදටත් අසුබදායක අපල කාලයක් උදාවේ.
ඇස් කණ්නාඩි දමාගෙන සිටිනවා දැකීමෙන් තමාට ශිල්පීය ඤාණය ලැබේ.බුද්ධිය ලැබේ.අලුත් දෙයක උගත්කමක් හිමිවේ.
සිහිනෙන් ගුරුවරු දැකීම හෝ ගුරු පදවි ලැබීම , දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.රාජ කරුණාව හිමිවේ.
යම් අයෙකුට ආහාරයෙන් සංග්‍රහ කරනවා දැකීමෙන් කළකෝලාහලයන්ට මැදිහත්වීමට සිදුවේ.
ඉනිමගක ඉහලට යනවා දැකීමෙන් තනතුරු ලාබ සමග යස ඉසුරු හිමිවීමකි.
ඉනිමගක පහලට බසිනවා දැකීමෙන් තනතුරු අහිමිවේ.පැවති තත්වයට ගෞරවයට කීරිතියට හානිවී අපකීර්තිය ඇතිවෙයි.දුක් සහිත කාලයක් උදාවේ.
දේදුන්නක් පායා තිබෙණු දැකීමෙන් සතුට සමග ධන ලාබ හිමිවේ.
දරුවෙකු උපදිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.
පොහොසතෙකු විසින් සිහිනෙන් දුගී යාචකයෙකු දුටුවේ නම් තත්වයෙන් , ධනයෙන් පහලයාමක් සිදුවේ.
තම මුහුණ ඉදිමී තිබෙණු දැකීමෙන් නොයෙක් සැප සම්පත් හිමිවේ.රූමත් කාන්තාවක / පුරුෂයෙකු සමග විවාහය ස්තිරවේ.
තමාගේ අස්ති බිදීමක් සිහිනෙන් දුටුකල ධන හානි ඇතිවේ.මිත්‍රයෙකුගේ විපතක් අසන්නට ලැබෙනු ඇත.
උකුස්සන් දුටු කල ශෝකය දුක උරුම වෙයි.
ඔටුවන් පිට යාම වස්තුව විනාසවී දුක ශෝකය ඇතිවේ.
ඔටුවන් දැකීම වස්තුව සැප සම්පත් ප්‍රිතිය ඇතිවේ.
උක් ගස් දැකීම වස්තු ලාබ , කීරිති ප්‍රසංසා ගෞරවය ඇතිකරයි.
තම හිසී උකුණන් පිරී සිටිනවා දැකීමෙන් උසස් අයගේ කරුණාවට , ඇගයීමට පාත්‍රවේ.සතුරන් පරාජයවේ.සැප සම්පත් ලැබේ.
සිහිනෙන් හිසතෙල් ගානවා දුරුවිට සතුට ප්‍රිතිය ඇතිවේ.
තෙල් බීම දුටුකල ලෙඩ දුක් ඇතිකරයි.
තල තෙල් බීම දුටුකල දුප්පත්වේ.කොවුළන් දුටු විට සතුට ධනය ලැබේ.
අලංකාර හිස් වැසුමක් පැලදීම දීර්ඝායුෂ ඇතිවේ.
හිස්වැසුම ඉරා දමන්නේ නම් දුක් කරදර සහිත අලාබ ඇතිවේ.
අන් අය සමග දබර කිරීම දුටුකල තම බිරිද පර පුරුෂයන් කරා යයි.
දැසි දස්සන් දැකීමෙන් මහත් ධන හානි ඇතිකරයි.
තම දිව ගැලවී වැටෙනවා දැකීම ඉතාම දුකටපත්වේ.මරණය වෙයි.
දෙව් ලොව සැරිසරණවා දැකීම දීර්ඝායුෂ ලැබේ . ඤාණය ලැබේ.කීර්තිය ලැබේ.
දී කිරි දැකීමෙන් ධන ලාබ ඇතිවේ.
දුම්,රියේ ගමන් යනවා දැකීමෙන් දුර පලාතක මිතුරෙකුගේ පැමිණීම සිදුවේ.සිතේ සතුට ඇතිවේ.
දූ දරුවන් කෝපයෙන් සිටිනු දැකීමෙන් අභාග්‍ය සම්පන්න කලක් උදාවේ.
පාළු දූපතකට යනු දැකීමෙන් තම පෙම්වතියට හානියක් සිදුවේ.
සිහිනෙන් දෙඹරුන් දැකීමෙන් සතුරු කරදර ඇතිකරයි.
විශ්ණු ඊශ්වර ආදී දෙවිවරුන් දැකීමෙන් කාර්‍ය සිද්ධවේ.යස ඉසුරු කීර්තිය ඇතිවේ.
දෙවියන් වන්දනා කරනවා දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.
දෙළුම් ගෙඩි දැකීමෙන් සැප සම්පත් ලැබේ.තරුණියක / තරුණයෙකු හා පෙමින් බැදේ.
සිහිනෙන් දෙහි දැකීමෙන් දරුවන්ටත් බිරිදටත් අයහපත්වේ.
දේවදාර ගස් දැකීමෙන් හදිසි අසනීප මතුවේ.
දෙව් දුවක් දැකීමෙන් කීර්තිය සමග සැප සම්පත් ඇතිවේ.
දේවතාවන් දැකීමෙන් සතුට සෞභාග්‍ය උදාවේ.
ගුරුවරුන් දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.වස්තුව ලැබේ.
සිහිනෙන් අඹ දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.
තම නිවසට උගුඩුවන් පැමිණෙනවා දැකීමෙන් තම බිරිද සමග අමනාපකම් මතුවේ.ගමන් බිමන් වලදී විපත් ඇතිවේ.
මල් උයන් දැකීමෙන් උසස් ගෞරව සම්මාන ලැබේ.වස්තු ලාබ ඇතිකරයි.
සිහිනෙන් ඌරන් දැකීමෙන් රාජ බිය , නඩුවෙන් නීතියෙන් පරාජය සහ හදිසි විපත් ඇතිකරයි.
උරුලෑවෙකු දැකීමෙන් තම බිරිද තමා සමග විරුද්ධවේ.අසනීප කරදර මතුවේ.
කොටියෙකු තමා එලවාගෙන එනවා දැකීමෙන් මහත් වස්තුව ලැබේ.
වැහැරුණු එල්ලෙන පියවුරු දැකීමෙන් ධන හානි සමග දුක් කරදර පීඩා ඇතිකරයි.
විදුලි පන්දම් , ගිනි පන්දම් ආදිය දැකීමෙන් වෙළදාම් ආදියෙන් පාඩු සිදුවේ.දුකට හේතු ඇතිවේ.
දෙවියන්ට එලුවෙකු දන් දෙනවා දැකීමෙන් කීර්තිය බලය ලබයි.
සිහිනෙන් ඒදඩු දැකීමෙන් හෝ ඒදඩු මතින් වැටීමෙන් දුක් වේදනාද , ස්තානීය වෙනස්කම්ද , ව්‍යාපාර කඩා වැටීම් සහ බලාපොරොත්තු බිදවැටීම් සිදුවේ.
ඔටුණු දැකීමෙන් උසස් තනතුරු ලැබේ.රැකියා දියුණුව ඇතිවේ.
ඔටුණු පැළදි රාජ කුමාරියක හෝ දිව්‍යාංගණාවක දුටුවේ නම් උසස් තනතුරු තනාන්තර ලැබේ.
වටාපතක් දුටුකල මිත්‍රයන්ගෙන් උදව් උපකාරයන් ලැබේ.සතුට සැපත ලැබේ.
වද ගෙයක් දැකීමෙන් දුක් කරදර පීඩා සහිත කාලයකි.
වදුරන් දැකීම , තම ශරීරයේ නැගීම සිහිනෙන් දුටු කල ඇදුම රෝගය ඇතිවීමේ පෙරනිමිත්තකි.ධන හානි ඇතිවේ.දුක කණගාටුව ඇතිවේ.
වානරයන් දුටුකල හදිසි අසනීප හෝ මරණය සිදුවේ.
ලේඛන කටයුතුවල යෙදිනවා දැකීමෙන් හදිසි අනතුරු වලට හේතුවේ.
රෝගියෙකු පසුපස යනු දැකීම මරණයක් හෝ අසනීපයක් සිදුවේ.
වමනය පාචනය තමන්ට ඇතිවී තිබෙණු දැකීම හදිසි අසනීප කරදර මතුවීමකි.
වග වලසුන් දැකීම හෝ පිටේ නැගී යනු දුටුකල මරණයක් අසන්නට ලැබේ.දුක් කරදරයන්ට මුහුණ දීමට සිදුවේ.
වනාන්තරයක් දුටු කල වස්තුව සමග සතුට ලැබේ.
සිහිනෙන් වස බීම සිදුවුවහොත් දුක් කරදර විපත් අසන්නට සිදුවේ.
තමන් වහලෙකු ලෙස විකිණෙනවා දැකීමෙන් සැප සම්පත් සමග ධන ලාබ ලැබේ.
වතුර ගැනීමට ලිං තැනීම හෝ ළිදකට වැටීම සිදුවුවහොත් රෝගී වේ . මරණය සිදුවේ.
සිහිනෙන් වයින් බීම දුටුකල ධනය වස්තුව කීර්තිය හිමිවේ.
කළු වැන්දඹු කාන්තාවක් දැකීමෙන් මරණයකට පෙරණිමිත්තකි.
අදුරු ගැඹුරු වලකට වැටෙනවා දැකීමෙන් පියාට හෝ ගුරුවරයෙකුට මරණය සිදුවේ.
දරුවෙකු සිනාසෙනවා දැකීමෙන් දුකකට පසු විශේෂ සතුටකට හේතු ඇතිවේ.
බිළිදෙකු සිනාසෙනු දුටුකල සතුට සම්පත උදාවේ.
හඩන දරුවෙකු දැකීමෙන් බලාපොරොත්තු ඉටුවේ.
දනගාන දරුවෙකු දැකීමෙන් අනාගත දියුණුවට හේතු ඇතිවේ.
ගීත ගායනා කරනා දරුවන් දැකීමෙන් වාසනාව අතලගය.
කුඩා දරුවෙකු මරනු දුටුකල පවුලේ කෙනෙකුට අනපේක්ෂිත අනතුරකි.
රණ්ඩු කරන දරුවන් දැකීමෙන් පවුල් ආරවුල් ඇතිවේ.
ක්‍රිඩා කරන දරුවන් දැකීමෙන් ආර්තික තත්වයේ උසස්වීමක් ඇතිවේ.
පාසල් යන දරුවන් දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.
නටන දරුවන් දැකීමෙන් ජීවිතයේ කලකිරීම් ඇතිවේ.
කුඩා දරුවෙකු මරණයට පත්වෙනවා දුටුකල ධනවත් මිත්‍රයෙකුගේ උපකාර ලැබේ.
තරුණියක දැකීමෙන් කීර්තිය ප්‍රසංසා ඇතිවේ.
තරුණ කාන්තාවක් සමග පෙම්බස් කියනවා දැකීමෙන් රැකියා උසස්වීම් ඇතිවේ.
විවාහක කාන්තාවක් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.
මෙහෙකාරියක දැකීමෙන් ධන හානි , නින්දා අපහාස අසන්නට ලැබේ.
ගර්භනීය කාන්තාවන් දැකීමෙන් ප්‍රිතිදායක ආරංචි අසන්නට ලැබේ.
ගර්භණීය කාන්තාවක් දියේ ගිලෙනවා දැකීමෙන් විනෝදයෙන් සිටින අවස්තාවක ඉතා දුක්බරවූ පුවතක් අසන්නට සිදුවේ.
රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ප්‍රිතිය , සතුට , වාසනාව සමග ධන ලාබ ඇතිවේ.
අවලස්සන ස්ත්‍රියක් දැකීමෙන් ධන හානි සමග දුක් පීඩා ඇතිකරයි.
මහළු ස්ත්‍රියක් දැකීමෙන් ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවේ.
ගණිකාවක දැකීමෙන් ධන ධාන්‍ය සම්පත් හිමිවේ.
කානතාවන් සමූහයක් දැකීමෙන් වාසනාවක් ප්‍රිතියත් ඇතිවේ.
දෙවගනක් දැකීමෙන් කරන කියන කටයුතු වලින් ජය හිමිවේ.
රැජිණක් දුටුකල තම උඩගුකම මතුවේ.
නාට්‍යාංගනාවන් දැකීමෙන් රැවටීම් සිදුවේ.
ස්ත්‍රින් සිනාසෙනවා දැකීමෙන් ලගම ඤාතියෙකුගේ මරණය සිදුවේ.
හඩා වැළපෙන ස්ත්‍රින් දැකීමෙන් පවුලේ අයෙකු රෝගීවේ.
හිස පීරන ස්ත්‍රියක දුටු විට අශුබ ආරංචි අසන්නට ලැබේ.
ස්ත්‍රියකගේ මරණය සිදුවනවා දැකීමෙන් විරුද්ධවාදියෙකුගෙන් ලාබ ප්‍රයෝජන හිමිවේ.
ස්ත්‍රියක අනතුරකට පත්වෙනවා දැකීමෙන් ඤාතියෙකුට විපතකි.
ස්ත්‍රියක් සියදිවි නසාගන්නවා දැකීමෙන් සතුරු කුමන්ත්‍රණයක් නිසා හානි සිදුවේ.
ජනාකීර්ණ උද්‍යාණයක් දැකීමෙන් මිතුරෙකුගෙන් උපකාරයක් ලැබේ.
කුඩා පදුරු සහිත උයනක් දැකීමෙන් විවාහය සාර්තකවේ.තරුණ තරුණියන්ට ප්‍රේම සබදතා ඇතිවේ.ව්‍යාපාරයෙන් ජය ලැබේ.
වනසතුන් පිරි උයනක් දැකීමෙන් දුගී බවට පත්වේ.සතුරු කරදර මතුවේ.
ගස් වැල් වියලී ගිය උයනක් දැකීමෙන් අධික දුගී භාවයට පත්වේ.
මුදලක් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් එදිනෙදා කටයුතු අසාර්තකවේ.
රෙදිපිලි තෑගි ලැබෙනවා දැකීමෙන් රොගී වේ.
ආබරණ තෑගි ලැබෙනවා දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.
රන් රිදී වස්තුව තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් තම මිතුරෙක් නිසා අලාබයක් සිදුවේ.
පොත් පත් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් ඔබගේ වන්චාවන් හසුවේ.රහස් හෙළිවේ.
රෝස මල් දැකීමෙන් සතුට වාසනාව උදාවේ.
රතු නෙළුම් මල් දැකීමෙන් විවාහ බලාපොරොත්තු ඉටුවේ.පෙම් සබදතාවයක් ඇතිවේ.
සුදු මානෙල් මල් දැකීමෙන් අසල් වැසියන්ගෙන් නොමද අනුග්‍රහය හිමිවේ.
නිල් මානෙල් මල් දැකීමෙන් පරම්පරාගත ධනයක් උරුමවේ.
කහපාට මල් දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.
රතු පාට මල් දැකීමෙන් සතුට කීරිතිය ලැබේ.
ඉතා කුඩා මල් වර්ග දැකීමෙන් අනපේක්ෂිත ලෙස ලාබ උපකාර හිමිවේ.
පරවගිය මල් දැකීම ඉතා අශුබය.ඛේදජනක සිදුවීම් ඇතිකරයි.
මල් පොකුරු දැකීමෙන් උසස් පවුලක අයෙකු සමග පෙම් සබදතාවයක් ඇතිවේ.
අත්පොලසන් දෙනවා දැකීමෙන් මිතුරෙකු උපකාරයක් පතා පැමිණේවි.
මෝටර් රතයක යනවා දැකීමෙන් ආර්තිකය වර්ධනයවේ.
කරත්තයක යනවා දැකීමෙන් තම උත්සහය සාර්තකවේ.
බඩු බාහිරාදිය පැටවූ වාහනයක යනවා දැකීමෙන් බාධා මැද අපේක්ෂා සඵලවේ.
ගී කියමින් දුම්,රියක යනවා දැකීමෙන් කිසිදා අමතක නොවන සතුටක් ඇතිකරයි.
පයින් ගමන් කරනවා දැකීමෙන් ශාඊරික රෝග පීඩා මතුවේ.
අහස් යානයකින් යනවා දැකීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවේ.
ගත්කතුවරයෙකු සිහිනෙන් දැකීමෙන් බුද්ධිය ඇතිවේ.ප්‍රසිද්ධිය ඇතිවේ.
මැති ඇමතිවරු දැකීමෙන් ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු සාර්තකවේ.
වෛද්‍ය වරයෙකු දැකීමෙන් රෝග පීඩාවන්ට හසුවේ.
නීතිඤයෙකු දැකීමෙන් අනපේක්ෂිත ගැටලු මතුවේ.
පොලිස් බටයෙකු දැකීමෙන් සතුටත් පූර්ණ ආරක්ෂාවත් ඇතිව.
ලිපිකරුවෙකු දැකීමෙන් අකමැත්තෙන් අන් අයගේ කටයුතු කරදීමට සිදුවේ.
වින්නඹුවෙකු දැකීමෙන් ප්‍රිතිමත් ආරංචි අසන්නට ලැබේ.
හෙදියක දැකීමෙන් දීර්ඝායුෂත් කීර්ථියත් ඇතිවේ.
රියදුරෙකු දැකීමෙන් සියලු කටයුතු සාර්ථකවේ.
තැපැල් කරුවෙකු දැකීමෙන් කල් ගිය කටයුතු සාර්ථකවේ.
සන්නාලියක දැකීමෙන් මිතුරෙකු නිසා කරදර ඇතිවේ.
වඩුවෙකු දැකීමෙන් අලාබ හානි විදින්නට සිදුවේ.
වෙසගනක දැකීමෙන් ධන ධාන්‍ය සතුට ඇතිවේ.
වෙළෙන්දෙකු දැකීමෙන් වාසනාව සතුට ප්‍රිතිය ඇතිවේ.
කම්කරුවෙකු දැකීමෙන් ශරීර සෞඛ්‍ය යහපත්වේ.ඉදිරි කටයුතු සාර්තකවේ.
කරණවෑමියෙකු දැකීමෙන් ප්‍රසිද්ධියේ අගෞරවය , නින්දා අපහාස ඇතිවේ.
යාචකයෙකු දැකීමෙන් තම කටයුතු සදහා බධා මතුවේ.
මගියෙකු දැකීමෙන් ලාබ ප්‍රයෝජන ලැබේ.
අරකැමියෙකු දැකීමෙන් පවුලේ අසමගියට හේතු ඇතිවේ.
හිතවතෙකු දැකීමෙන් හිතමිත්‍රයෙකුගෙන් සුබ ආරංචි අසන්නට ලැබේ.
මංකොල්ලකරුවෙකු දැකීමෙන් රන්ඩු දබරයන්ට පැටෙලෙන්නට සිදුවේ.
නිලියක් දැකීමෙන් සතුට ප්‍රිතිය ඇතිවේ.
පිළිගැනීමේ නිලධාරිනියක දැකීමෙන් සතුට සම්පත උදාවේ.
සොරෙකු දැකීම ඉතා අශුබය.අන් අය නිසා නින්දා අපහාසයන් ඇතිවේ.
විකාර රූපී මිනිසුන් දැකීමෙන් අසනීපවේ.විපත් වලට පැටලෙයි.
වැස්සට හසුවී තෙමෙනවා දැකීම , සැප සම්පත් ලැබේ.
අකුණු ගසා වැසි වසිනවා දැකීමෙන් නොසිතූ කරදර මතුවේ.
වැලි ගොඩවල් දැකීමෙන් දු කරදර මතුවේ.
වැහි ලිහිණියන් දැකීමෙන් ධනය බලය ලැබේ.
දුන්නකින් ඉලක්කයට විදිනවා දැකීමෙන් ප්‍රසිද්ධිය බලය ලැබේ.
විදුලිය සිහිනෙන් දැකීමෙන් යසස , කීර්තිය ඇතිවේ.
අකුණු විදුලි දැක බියට පත්වන්නේ නම් දුක් පීඩා ලගාවේ.
විවාධයන්ගෙන් දිනනවා දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.
තමාට විශාල හිසක් ඇතිවී ඇතිබව සිහිනෙන් දැනීමෙන් බලවතෙකු වනු ඇත.
වීනා නාදය ඇසීම සහ සිහිනෙන් දැකීම සියලු බලාපොරොත්තු ඉටුවන කාලයක් උදාවේ.
වෙලබ දැකීමෙන් විවාහය සිදුවේ.
නරියන් දැකීමෙන් රෝග පීඩා මතුවේ.
ගසක් කඩා වැටෙනවා දැකීමෙන් රෝගපීඩා ඇතිකරයි.
වෙද මහතෙකු දැකීම සිදුවූවේ නම් එතැන් සිට වසරක් ඉදිරියේදී මාරකයක් ඇතිවේ.
සත්පුරුෂයන් ඇසුරු කරනවා දැකීමෙන් සතුට , ධනය ලැබේ.
සතුරෙකු මැරීම හෝ සතුරෙකු ගින්නකට පැණීම දුටු කල රෝග සුවවේ.ගුප්ත ක්‍රම මගින් වස්තුව ලැබේ.
තමාට යම් හිරිහැරයක් සිදුවෙනවා සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ හිමිවේ.
කඩු , හී , ආයුධ ගත් බටයන් දැකීමෙන් චිත්ත පීඩා , කායික පීඩා , මරණය සිදුවේ.
සර්පයෙකු පිට නැගී යනවා දුටුවේ නම් රෝග පීඩා හෝ මරණය සිදුවේ.
විෂ කරු සර්පයන් දුටුකල චිත්ත පීඩා ඇතිවේ.
සර්පයෙකුගේ මස් කනවා දැකීමෙන් හදිසි රෝග හෝ මරණයට හේතු ඇතිවේ.
තපසෙකුට , ගුරුවරයෙකුට සාප කරනවා දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.තම විනාශය සිදුවේ.
කකුළුවෝ දැකීමෙන් දුකද පරාජයද උරුමවේ.
කටුස්සන් දැකීමෙන් සිත අධෛර්‍යට පත්වේ.මිතුරන් අමනාපවේ.
සියලු බඩු සහිත වෙළදසැලක් දැකීමෙන් අගහිගකම් මගහැරී යයි.
කණ්ණාඩි සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ සතුට ඇතිවේ.
අලංකාර කඩදාසි දැකීමෙන් වස්තුව ලැබේ.දුර්වර්ණ වූ කඩදාසි දැකීමෙන් කායික පීඩා සමග ධන හානි ඇතිකරයි.කම්මලක වැඩකරනවා දැකීමෙන් කරදර හිරිහැර මතුවේ.මයිනහම ඇදීම දැකීමෙන් බිරිද සමග වාද විවාද ඇතිවේ.කන්‍යා ස්ත්‍රීන් දැකීමෙන් වස්තුව කීර්ති ප්‍රසංසා ඇතිවේ.කන්‍යා ස්ත්‍රියක සමග සංසර්ගයේ යෙදෙනවා දැකීමෙන් අගෞරවය , අඩදඹර , චිත්තපීඩා ඇතිකරයි.තම අත්වල කරගැට දැකීමෙන් සැප සම්පත් , ගෞරවය , නම්බුව ඇතිවේ.කල්ප වෘක්ෂය දැකීමෙන් ධන ලාබ ලැබීමටත් දියුණුවටත් අවස්තාව සැලසේ.කවි සිංදු කියනවා දැකීමෙන් අලාබහානි විරෝධතා ඇතිවේ.කලයක දිය පිරී තිබෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.හිස් කල දැකීමෙන් අගෞවරය සහ ධන හානි සිදුවේ.කලකෝලාහලයන් සිහිනෙන් දැකීමෙන් දුක් කරදර පීඩා ඇතිවේ.
කළුපාට ආසන දැකීමෙන් දුක් වේදනාවන්ට හේතුවේ.කළු පාට ගිනුන් දැකීමෙන් දුක් වේදනා මතුවේ.කළු කොන් වර්ගයේ කුකුළන් දැකීමෙන් තනතුරු නම්බුනාම ලැබේ.ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමිවේ.ගමන් බිමන් වලින් යහපත උදාවේ.සිහිණෙන් කැඩපතකින් මුහුණ බලනවා දැකීමෙන් පුතුන් ලැබේ.තරුණියන් සිහිනෙන් තම මුහුණ දැකීමෙන් පෙම්වතුන් ලැබේ.කැවිලි වර්ග සිහිනෙන් දැකීමෙන් ඉඩකඩම් , ගේ දොර ලාබ ඇතිවේ.කුකුලන් දැකීමෙන් සතුරු කරදර දුක් පීඩා , සොර බිය ඇතිවේ.කුණුමස් සිහිනෙන් දුටුවිට වෙළදාම හානි වේ.බිරිද විරුද්ධවේ.කිරිබත් කනුදුටු කල සුරූපී ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.කිරි හෝ මුදවාපු කිරි දැකීමෙන් ගෞරවය , නම්බුව , කීරිතිය හිමිවේ.ස්තුති ප්‍රසංසා ඇතිවේ.කිරි පට්ටියක් දුටුකල සැප සම්පත් හිමිවේ.
කුළුදුල් වැස්සියකගෙන් කිරි දොවනවා දුටුකල සියලු රෝග පීඩා දුරුවී වාසනාවන්ත කාලයක් උදාවේ.සුදුපාට , මුතු කුඩ දැකීමෙන් සැප සම්පත් ආයුෂ බලය ලැබේ.තමාගේ කුඩය නැතිවෙනවා දැකීමෙන් ධන ලාබ හිමිවේ.පොත්පත් කියවනවා දුටුවේ නම් ධනවත් ස්ත්‍රියක සමග මිත්‍රවේ.වෙළදාමෙන් ජය ලැබේ.සැප ලබයි.කපුටන් දැකීමෙන් දියුණුව ඇතිවේ.කපුටන් හැඩීම , ඉගිලීම දැකීම අශුබය.කපුටන් කොටනවා දැකීමෙන් අලාබ , හිරිහැර , අගෞරවය ඇතිවේ.රූපවත් ස්ත්‍රියක් යම් බාජනයක යමක් දමාගෙන තම නිවසට පැමිණීම දුටුවේ නම් සියලු කරදර දුරුවී සැප සම්පත් උදාවේ.පවුලේ සමගිය ඇතිවේ.පැටවුන් සමග කිකිළියක දුටුවේ නම් අලංකාර ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.කිකිළියක හඩනවා දුටුවේ නම් දුක් කරදර ඇතිවේ.
කිදුරන් දැකීමෙන් ධන ලාබ හිමිවේ.කෙත්වතු දැකීමෙන් තේජස , වස්තුව , සැප සතුට ඇතිවේ.කුහුඹුවන් දුටුවේ නම් කරගෙන ආ කටයුතු නවතී.රූගියෙකු නම් රෝගය දරුණුවේ.ශරීරයේ කූඩැල්ලන් ලේ උරා බොනවා දුටුවේ නම් සැප සම්පත් සතුට වස්තුව ලැබේ.කූඩුකර සිටින සත්වයෙකුට ආහාර දෙනවා දුටුවේ නම් දීර්ඝායුෂ , සතුට , ධන ලාබ හිමිවේ.කොටියෙකු සමග පොරබැද එම සතා හීලෑ වනවා දුටුවේ නම් ජයග්‍රහණය හිමිවේ.සියලු කටයුතු සාර්තකවේ.කොට්ට , දැකීමෙන් විශාල බලයක් ලැබේ.කොටළුවෙකු පිට හෝ දක්කාගෙන යනවා දුටුවේ නම් දුක් කරදර පීඩා ලෙඩ දුක් ඇතිවේ.සිහිනෙන් දත් වැටීම සිදුවූවේ නම් මිතුරෙකු අමනාප වේ.
දත් කිහිපයක් ගැලවී වැටුනේ නම් ඤාතියේකුගේ මරණයක් සිදුවේ.යමෙකුගේ උඩු ඇන්දේ දත් වැටීම පියාටද , පිය පාර්ශවයටද අගුණදායකයි.යටි ඇන්දේ දත් වැටීම මව් පාර්ශවයට අගුණදායකයි.කටේ දත් අදුරු පැහැ වී තිබෙණු දැකීමෙන් සැප සම්පත් අහිමිවේ.දඩයමේ ගොස් හිස් අතින් එනවා සිහිනෙන් දුටුවිට බලාපොරොත්තු කඩවේ.දඩමස් දුටුකල කටයුතු ඉශ්ටවේ.තොරණක් දැකීමෙන් සතුට ධනය හිමිවේ.ත්‍යාග ලැබෙනවා ලැබීමෙන් ලගදීම මංගල්‍යක් සිද්ධවේ.ශරීරය පුරා දධ කුශ්ට ආදී රෝගයන් ඇතිවී තිබෙනවා දැකීමෙන් මහත් ජය වස්තුව හිමිවේ.තූර්‍ය වාදන භාණ්ඩ දැකීමෙන් රාජ්‍ය සෙවයට අවස්තාව ලැබේ.දුක් කරදර තුරන්වී , පුද්ගලික දියුණුව සැලසේ.
තීන්ත දැකීමෙන් ධනය වස්තුව හිමිවේ.දේවාලයක් දැකීමෙන් දුක් දොම්නස් ඇතිවේ.දේව වාක්‍ය අසනවා දැකීමෙන් ධනය සතුට උදාවේ.දොඩම් දැකීමෙන් ධන ලාබ , ප්‍රිතිය ඇතිවේ.දොඩම් ගසකින් වැටීම හෝ දොඩම් අනුබව කරනවා දැකීමෙන් දුක කණගාටුව ඇතිවේ.කරල් බරවූ කුඹුරු දැකීමෙන් ප්‍රිය භාර්‍යාවක් ලැබේ.වස්තුව ලැබේ.වී සහල් දැකීමෙන් ධන ලාබ හිමිවේ.නග්න ස්ත්‍රියක් දැකීමෙන් ලෙඩ දුක් කරදරයන්ට හේතුවේ.අලංකාර නගරයකට යනවා දැකීමෙන් ශුභ ආරංචි ලැබේ.නළුවෙකු දැකීමෙන් වස්තුව කීර්තිය ලැබේ.නයෙකු පෙනය පුප්පනවා දැකීමෙන් ධනය බලය කීර්තිය , පුත්‍රලාබ සමග පිරිවර ලැබේ.නයෙකු මරණවා දුටුවේ නම් හදිසි අසනීප විපත් ඇතිකරයි.නාඩගම් දැකීමෙන් උපන්බිම හැරයාමට සිදුවන දුක් කරදර පීඩා ගෙනදේ.තම නාභියේ මලක් පිපෙනවා දැකීමෙන් රාජ අමාත්‍යවරුන්ගෙන් තනතුරු වර්ප්‍රසාධ හිමිවේ.නාබියෙන් ජලය ගලා යනවා දුටුවේ නම් ලොක ප්‍රසිද්ධවේ.




ගෞරව බුහුමන් ලැබේ.රාජ්‍යත්වයට පත්වේ.ගසකට හෝ පර්වතයකට නගිනවා දුටුවේ නම් සම්පත් ලැබේ.උත්සව අවස්තාවක නර්ථනයේ යෙදෙනවා දුටුවේ නම් වස්තුව ලැබීමට හේතුවේ.මුහුද මැදදී නැවක ගිලීම සිදුවනවා දුටුවේ නම් ඉක්මනින් මරණය තමාකරා පැමිනේ.තමා නැවකට නගිනවා දුටුවේ නම් ධන ලාබ ලැබේ.පිරිසිදු ජලය ස්නානය කරනවා දුටුවේ නම් ප්‍රසිද්ධියත් සතුට සම්පතත් උදාවේ.තද නින්දක සිටිනවා දැකීමෙන් දුක් කරදර සිදුවේ.දේවාලයක නිදා සිටිනවා දැකීමෙන් මරණයට හේතුවේ.සිහිනෙන් නිධානයක් දුටුවේ නම් අන් සතු වස්තුව හිමිවේ.පිරිසිදු ගලායන ජලය දුටුවේ නම් සතුට ධනය , ජය හිමිවේ.සිහිනෙන් නියපොතු දැකීමෙන් මරණය සිදුවේ.නෙළුම් මල් දැකීමෙන් පොහොසත්වේ.පක්ෂීන් පියාඹණවා දැකීමෙන් සියලු සම්පත් විනාසවී යයි.පක්ෂීන් දැලකින් වැසීම සිදුකරනවා දැකීමෙන් සම්පත් ලැබේ..